ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ දී ඔහු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඉල්ලීමක් ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේ ය.
එම ක්‍රියාව ප්‍රශංසාවට ලක් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහේෂ් හපුගොඩ කුඩා වීඩියෝවක් නිකුත් කර තිබුණි; ඔහු එය නිකුත් කර තිබුණේ ඉංග්‍රිසි භාෂාවෙනි. ඒ තමන් ගේ පණිවිඩය ලෝකයේ ම අවධානයට ලක් කිරීම සදහා විය හැකි ය.
මතු පළ වන්නේ එම වීඩියෝව තුළ ඔහු කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය යි.
සෑම ගෝලීය මාධ්‍ය ආයතනයක් ම අද කතා කරන්නේ ශ්‍රී ලංකාව ගැනයි. විශේෂයෙන්ම ඉන්දියා today, අල් ජසීරා, රොයිටර්, BBC යනාදි මාධ්‍ය ආයතන.
මෙම රජය මේ මොහොතේ ගෙන තිබෙන දේශපාලන තීරණ ගැන ඔවුන් කතා කරනවා.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කතා කළ දේ ගැන පැහැදිලිවම සඳහන් කරනවා. ඔහු කියනවා ඇමරිකානු ජනාධිපති ඩොනල් ජේ. ට්‍රම්ම් ගේ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළා කියලා. මත්තල ගුවන්තොටුපළෙහි මිලිටරි එයා ක්‍රාෆ්ට ක්‍රාෆ්ට් කීපයක් නවත්වන්නට හෝ එම ගුවන්තොටුපළ පාවිච්චිි කරන්නට කරපු ඉල්ලීමට ඔහු ප්‍රතිචාර දක්වපු විදිහ ගැන තමා ඔහු ප්‍රකාශ කරන්නේ. ඇත්තෙන් ම ඔහු ගෙන තිබෙන්නේ බෙහෙවින්ම අගය කළ යුතු තීරණයක්.
ඇත්ත වශයෙන්ම එයින් ගමේ වන්නේ අපි කිසිදු පාර්ශ්වයකට යුදමය වශයෙන් බැඳීමක් නැති බවයි. ඒ වගේම එවන් තත්ත්වයකට අපේ කැපකිරීම එතනින් පෙන්නුම් කරනවා.
එම තීරණයට අගය කිරීමක් ලබාදෙන ගමන් මම කැමතියි තව ටිකක් රටක් වශයෙන් අපිට තව පියවරක් ඉදිරියට යන්න පුළුවන්ද කියලා බලන්න .
ඒ අනුව ඉරාකයට පහර දෙන්න සහ ආක්‍රමණය කරන්න එපා කියලා අපිට කියන්න පුළුවන්ද...? අන්න ඒ පදනම තුළ අපිට සිට ගන්න පුළුවන් ද...? එකමුතුකම සාධාරණය වෙනුවෙන් අපිට ඒක කරන්න පුළුවන් ද...? ඉරාන ජාතිකයින් ගේ සහ ඉරානයේ දේශපාලනය අපිට කිසිසේත්ම අදාළ නෑ. අනික ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ උනත් අපිට ඔවුන් ගේ එකමුතුකම ගැන ඔවුන්ගේ ස්වෛරීත්වය ගැන අපිට කතා කරන්න පුළුවන්. අනිත් එක ගාසාවල කෙරෙන ජන සංහාරය ගැන, මානව දයාවේදී නීති උල්ලංඝනය ගැන අපිට කතා කරන්න පුළුවන් ද...?
මැද පෙරදිග ප්‍රශ්නය ගත්තම ඉරාණය වෙනුවෙන් අපිට කතා කරන්න පුළුවන් විය යුතුයි. ඒ ආක්‍රමණයට විරුද්ධ විය යුතුයි.
ඇත්තටම ගාසාවල සහ ඉරානයේ ඒ මානව හිමිකම් උල්ලංඝනය ගැන මානව දයාවේදී නීති කඩකිරීම් ගැන අපි පෙනී සිටිය යුතුයි.
පරිවර්තනය: ඒ. චානක තිලකරත්න

