දුමින්ද සිල්වා නොදොස්කොට නිදහස් කරන්න - ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ?

දුමින්ද සිල්වා නොදොස්කොට නිදහස් කරන්න - ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස් කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අනුව කොමිසමේ නිර්දේශය වී ඇත්තේ, අදාළ නඩුවේ සාක්ෂි විමසා බැලීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස්කොට නිදහස් කිරීමට පළමු මරණ දඬුවම ලබාදුන් මහාධිකරණයට අවස්ථාව තිබූ බවය. ඒ පදනමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම උචිත බවටද කොමිසමේ නිර්දේශය වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කොමිසම මෙම නිර්දේශ නිකුත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙත ලබාදුන් මරණ දඬුවම දේශපාලන කුමන්ත්‍රණයක් බවට ලද පැමිණිල්ල අනුවය. එහිදී හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් එම පැමිණිල්ල ගොනුකර සිටියේ ඔහුගේ පියා වූ ලාල් සිල්වා විසින්ය.
 
මෙම කොමිසම පත්කරනු ලැබුවේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලයේ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයන් හා සන්නද්ධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් මුහුණ දුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සඳහා වන අතර එහි සභාපති ලෙස කටයුතු කලේ  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නය.
 
එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කටයුතු කල අතර  කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ ය.

Report 1024x574
පසුගිය දෙසැම්බර් 8 වනදා හෝ ඊට ආසන්න දිනයකදී  ජනාධිපති කාර්යාලයේ දී මෙම කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබිණ. ඒ සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අත්සන් තැබූ ලිවිල්ලක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න