ව්‍යාපාරිකයන් සජබ කට වහයි !

ව්‍යාපාරිකයන් සජබ කට වහයි !

කුප්‍රකට සීනි ආනයන සිදුවීම ඇතුළුව පසුගිය සමයේ රටේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් සැකකටයුතු ආනයන සහ ජාවාරම් සම්බන්ධව ජාතික සමඟි බලවේගය ලිහිල් සහ  නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර සිටියේ එහි ප්‍රචාරක ප්‍රධානීන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට රාජ්‍ය ආදායම් අහිමිවීම සහ කිහිපදෙනෙකු යුතු ලාභ ලැබූ තත්ත්වයක් පෙන්නුම් කළ මෙකී සිදුවීම් සම්බන්ධව ජාතික සමගි බලවේගය සිදුකරන මැදිහත්වීමේ අවශ්‍යතාව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රචාරක ප්‍රධානීන් දැනුවත් කර ඇත. නමුත් එහිදී ප්‍රචාරක ප්‍රධානීන්ගේ උපදෙස වී ඇත්තේ ඉතාම කෙටිකලකින් පළාත් සභා මැතිවරණයක් පැමිණීමට ඉඩක් ඇති බවත් ඒ හමුවේ ව්‍යාපාරික ප්‍රජාව තරහාකර ගැනීම මැතිවරණ වියදම් සපයා ගැනීම දුෂ්කර කරවනු ඇති බවය.
 
එසේම චෝදනා ඇති ව්‍යාපාරිකයන් පසුගිය මැතිවරණ වලදී මූල්‍ය දායකත්වය ලබාදුන් බවත් එබැවින් මේ මොහොතේ ඔවුන් තරහා කර ගැනීම නුවණට උචිත නොවන බවත් පවසා ඇතැයි වාර්තා වෙයි.
 
පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස ජාතික සමගි බලවේගය ඉතාම ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද අවධානයට ලක්ව තිබිණ.
 
එහිදී ජාතික සමගි බලවේගය තුළින් පෙන්නුම් කෙරුණු ඇල්මැරුණු ස්වභාවය ගැන අදහස් දැක්වූ විචාරකයන් පවසා සිටියේද යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකු සිදුවීම වැනි සිදුවීම් එදා ඒකාබද්ධ විපක්ෂය දේශපාලන වාසියක් ලෙස යොදාගත් ආකාරයට මෙකී බරපතළ සැකසහිත ගනුදෙනු සම්බන්ධව විපක්ෂයට යොදා ගැනීමට හැකියාව තිබු බවය. ජනතා විමුක්ති පෙරමුණ ඉතා ප්‍රබල ලෙස මේ සම්බන්ධව පෙනී සිටියත් සමගි ජනබලවේගයේ ඇල්මැරුණු හැසිරීම හේතුවෙන් නියම ප්‍රතිඵල ලැබීමේ අවස්ථාව අහිමිව ගිය බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
 
කෙසේ වුවත් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී මේ ප්‍රශ්න සම්බන්ධව යන්තමින් හෝ අදහස් දක්වා සිටියේ පාඨලී චම්පික රණවක සහ ඉරාන් වික්‍රමරත්න යන ජාතික සමගි බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් පමණය.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න