අමාත්‍යංශවල වැඩකටයුතු මුළුමනින්ම අඩපන වී ඇති බවත්, පසුගිය වසරේ හරියට වැඩකර ඇත්තේ ජනතිපතිතුමත්, හමුදාපතිතුමාත්, තමාත් පමණක් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සඳහන් ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊට අනුව ජනාධිපති ලේකම්වරයා මේ දෝෂාරෝපණය එල්ල කර ඇත්තේ පසුගිය ජනවාරි දෙවැනිදා කැඳවූ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හමුවකදීය.
වාර්තා වන ආකාරයට ජනවාරි දෙවැනිදා පෙරවරු 10.00 ට අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවූ ජනාධිපති ලේකම්වරයා, එදින පස්වරු 2.00ට රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා ඇත.
එහිදී පසුගිය වසරේදී ජනාධිපතිවරයා බලාපොරොත්තු සංවර්ධන ඉලක්කයෙන් අඩක්වත් ඉටුකරලීමට ඇතැම් අමාත්‍යංශ අසමත්වීම සම්බන්ධයෙන් බරපතල දෝෂාරෝපණයක් කර ඇති ජනාධිපති ලේකම්වරයා, එම තත්වය තුල ඉදිරියේදී සියලුම අමාත්‍යංශවල අතිරේක ලේකම් -සංවර්ධන- තනතුර සඳහා ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට සිදුවනු ඇතැයිද අනතුරු හඟවා තිබෙන බවත් වාර්තා වෙයි.

මේ අතර දිස්ත්‍රීක් ලේකම්වරුන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳව සැහීමකට පත් නොවූ ජනාධිපතිවරයා මේවසරේ ජනවාරි 01දා දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කරනු ලැබිණ.
ඒ සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පරිපාලන නිලධාරීන් අතර දැඩි විරෝධයක් මතුව තිබෙන බවත් වාර්තා වෙයි.