කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (10) පැවසීය.
පළාත් මහ රෝහලේ හා දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල් ආශ්‍රිතව පවතින ගැටුලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති හමුවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
අලුතින් නව රෝහල ඉදිකර අවසන්වනතුරු අනෙකුත් රෝහල්වලට සමගාමීව කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහාම පියවන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චිට උපදෙස් දුන්නේය.
ඒ අනුව මසක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය පියවන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි පැවසුවාය.
ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහලක් ලෙස මේ දක්වා ක්‍රියාත්මකවන බව මෙහිදී අනාවරණය විය.
වසරකට රෝගීන් මිලියන 1.2ක් පමණ මෙම රෝහල ඔස්සේ ප්‍රතිකාර ලබන අතර 2019 දත්ත අනුව එම වසරේදී භාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් ගණන හයලක්ෂ තිස්දහසකි. මාසික නව දරු උපත් 1000ක් පමණ සිදු වේ.
කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනිවන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. ඇඳන් 2374 කින් සමන්විත රෝහලේ වසරකට ශල්‍ය කර්ම 18000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරයි.

