අන්තර්ජාල අපරාධ පිළිබද අවධානයෙන් පසුවන්න

අන්තර්ජාල අපරාධ පිළිබද අවධානයෙන් පසුවන්න

මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හා ඊමේල් පණිවිඩ සම්බන්ධ කරනිමින් සිදුකරනු ලබන මුල්‍යමය අපරාධ සහ සමාජ මාධ්‍ය ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම් සම්බන්ධයෙන් වන අපරාධවල ඉහල යෑමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  විසින් ප්‍රකාශකොට ඇති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා වාර්තා වන බවත්, උද්ගතවී ඇති COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධ වන ඉහළ යාමක් පසුගිය වසරේ සිට මේ දක්වා නිරීක්ෂණය කිරීමට  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වී ඇති බව එම සංගමයේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.

  • සමාජ මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම.
  • සමාජ මාධ්‍ය ගිණුම්, ඊමේල් ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම.
  • අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම (වෙබ් ලිපිනය පටන් ගන්නේ https:// මගින්ද යන්න පරික්ෂා කිරීම) / එවැනි අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම.
  • COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් WhatsApp යෙදුම හා ඊමේල් හරහා පැමිණෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වැළකීම / එවැනි යොමු වෙත ඔබගේ දුරකථන අංකයද ඇතුළුව අනෙකුත් ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට යාමෙන් වැළකීම / එවැනි පණිවිඩ වල එවනු ලබන ගොනු (attachments) භාගත කරගැනීමට යාමෙන් වැළකීම
  • නොදන්නා යෙදුම් හෝ මෘදුකාංග ජංගම දුරකතනයට හෝ පරිගණකයට ස්ථාපනය කරගැනීමෙන් වැළකීම / පරිගණක ක්‍රීඩා හා මෘදුකාංග ලබාගැනීමේදී නිළ වෙබ් අඩවි වලින් මුදල් ගෙවා පමණක් ලබාගැනීම.

මෙම කරුණු පිළිබද දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස එම සංගමයේ අන්තර්ජල පරිශීලකයන්ගෙන් ඉල්ලීමක්ද කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න