පසුගියදා කඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ පිහිටා තිබූ ස්මාරකය යළි ඉදිකිරිම සඳහා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්කුණරාජාගේ මූලිකත්වයෙන් අද (11) වැඩ ආරම්භ කෙරිණි.
උප කුලපති ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අද උදෑසන මුල්ගල තබා ඇත.
විශ්වවිද්‍යාලය භූමියේ කලින් පැවති ස්මාරකය අනවසර ඉදිකිරීමක් බව පවසා එය කඩා දැමුවේද උපකුලපතිවරයා ඇතුළු පරිපාලනය විසිනි.
මෙම ස්මාරකය කඩා දැමීමට විරෝධය පල කරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට අරඹා තිබූ උපවාසයේ නිරතව සිටි විශ්වවිද්‍යාල සිසුන්ට උපකුලපතිවරයා විසින් අද අලුයම 3.00ට පමණ කැඳ ලබාදී උපවාසයද මේ වනවිට අවසන් කර ඇත.

