සත්ගුණරාජා සහ UGC සම්පත් හිරවෙන : ගුරු සංගම් නිවේදනය මෙන්න

සත්ගුණරාජා සහ UGC සම්පත් හිරවෙන : ගුරු සංගම් නිවේදනය මෙන්න

යුද්ධයෙන් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්, සේවකයින්, නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකර තිබූ ස්මාරකය විනාශ කිරීම හෙළා දකින ලංකා ගුරු සංගමය ඒ සම්බන්ධයෙන් දැඩි අප‍්‍රසාදය පළ කර සිටියි.

ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර  මෙම කි‍්‍රයාව යුද්ධයේ දී තම සමීපතමයින් අහිමිව වේදනාකාරීව ජීවත් වන දෙමළ ජනතාව දැඩි කළකිරීමකට පත්කරවන කි‍්‍රයාවකි. එසේම මෙවැනි කි‍්‍රයා ජාතීන් අතර සංහිදියාවට බරපතල තර්ජනයක් ලෙසත් එහිදී සඳහන් කර ඇත.

එසේම එහිදී තීරණාත්මක ප්‍රශ්නයක් යොමු කරමින් ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරන්නේ ස්මාරකය ඉවත්කළේ අදට සහ හෙටට නොගැළපෙන නිසා නම් යළි ඉදිකරන්න යන්නේ ඇයිද යන්නයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

UGC ලොක්කා සම්පත් උගුරට හොරා බෙහෙත් බිව්වද ?

මෙම ස්මාරකය විනාශ කිරීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු අද (11) දින නැවත එම ස්මාරකය ඉදිරිකිරීමට මුල්ගල් තැබීමට යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති එස්. ශී‍්‍ර සත්ගුණරාජා මහතා පියවර ගෙන තිබුණි. මෙම ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප‍්‍රකශ කර සිටියේ හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබීමක් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් මෙම ස්මාරකය ඉවත් කළ බවයි. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්ය ශී‍්‍ර සත්ගුණරාජා මහතා ලංකාවේ සිටින අතිවිශිෂ්ඨ විද්‍යාඥයෙක්, දක්ෂ පරිපාලකයෙක් හා දක්ෂතම උපකුලපතිවරයෙක් ලෙස එම ස්මාරකය අද දවසට හා හෙට දවසට නොගැළපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයේ ඉවත් කිරීමට තීරණය කළ බවයි.

එවැනි තීරණයක් මත ස්මාරකය ඉවත් කළේ නම් එය ඉදිකිරීම සඳහා එම උපකුලපතිවරයාම නැවත මුල්ගල තබන්නේ කුමන පදනමකින්ද යන්න ගැටලූවකි. සිසුන් අතර සමගිය වෙනුවෙන් එවැනි කටයුත්තක් සිදුකළේ නම් මහාචාර්ය සම්පත් අරමතුංග ප‍්‍රකාශ කරන ආකාරයේ දක්ෂ පරිපාලකයෙකු කළ යුතුව තිබුණේ විශ්ව විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල ප‍්‍රජාව සමග සාකච්ජා  කර එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම මිස මිලිටරි බලය යොදා දෙමළ ජනායගේ සිත්වේදනාවන් තවදුරටත් තීව‍්‍ර වන පරිදි කටයුතු කිරීම නොවන බව නොවැටහීම බරපතල කනගාටුදයාදක තත්වයකි.

දකුණේ විශ්ව විද්‍යාලවල ද විවිධ ස්මාරක ඉදිකර ඇති අතර, ස්මාරක ඉදිකිරීම, සාහිත්‍ය නිර්මාණ, මූර්ති, චිත‍්‍ර, උද්ඝෝෂණ ආදිය මගින් විවිධාකාරයෙන් තම අදහස් ප‍්‍රකාශ කිරීමට කටයුතු කිරීම ප‍්‍රජාතත්ත‍්‍රවාදී අයිතියකි. යාපනය විශ්ව විද්‍යාලයේ පමණක් එම අයිතිය භාවිතා කිරීමෙන් විශේෂයෙන් ගැටලූවක් ඇති නොවේ. යාපනය විශ්ව විද්‍යාලයේ වර්තමානයේ පමණක් නොව යුදමය වාතාවරණයට පෙර ද සිංහල සිසුන්, සිංහල මහාචාර්යවරු කටයුතු කළ බව වර්තමාන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අමතක වීම බරපතල ගැටලූවකි. සිංහල විෂය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ ඇතුළු කළකරුවන් මෙන්ම විද්වතුන් ද එවකට යාපන විශ්ව විද්‍යාලයේ කටයුතු කළ ආකාරය සිහිපත් කරමු.

මෙවැනි ඉතිහාසක් පැවති යාපන විශ්ව විද්‍යාලයේ, යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් විනාශ කර ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝණය කරමින්, ප‍්‍රශ්න ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී.    

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න