කුරුණෑගල, නිකවැරටිය, මාගල්ල වැව් තාවුල්ලේදී මිරිදිය ධීවර ප්‍රජාව වෙනුවෙන් ධීවර යාත්‍රා, මිරිදිය ඉස්සන් හා මත්ස්‍ය පැටව් ධීවර ජනතාව වෙත ලබා දීමේ උත්සවය පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබුනද නොවැලැක්වියහැකි හේතුවක් නිසා අග්රාමත්‍යවරයාට එම උත්සවයට සහභාගි වීමට නොහැකි විය.
ඒ අනුව එම උත්සවය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා,
ඔරු දෙන එක මාලු පැටවුන් මුදාහරින වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න අපි මාගල් වැව තෝර ගත්තා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය ගත්තාම වැව් තියෙනවා 6000ක්. ලංකාවේ වැඩිම වැව් තියෙන්නේ මෙහේ. ලංකාවේ වැඩම පන්සල් තියෙන්නේ මේ දිස්ත්‍රික්කයේ ඒ නිසා අපි මේ වැව් 6000ක්ම හදන්න තින්දූ කරා. අපි සදුදා ආරම්භ කරනවා ඉරුදෙණියාය පහල්ල පල්ලකැලේ වැව් ඉඩම් හදන්න. ඒ අලි ප්‍රශ්නේට විසදුමක් දෙන්න. අපි මේ වැව් 6000 හදනවා කිවුවාම කවුරුත් හිතන්න එපා අපි කොහොමද හදන්නේ කියලා. අපි ඒකට අත ගහලා තියෙන්නේ. ඊලග අවුරුදු 2 - 21/2 යන්න ඉස්සර වෙලා අපි මේ දිස්ත්‍රික්කය වැඩිම මිරිදිය මත්ස්‍යයින් නිෂ්පාදන කරන දිස්ත්‍රික්කය කරනවා. මේ හැම වැවකින්ම කෝටි ගානක මුදල් උපයනවා. මේක ආර්ථිකයට දැවැන්ත ශක්තියක් දෙන්න පුලුවන් තැනක්. මේ ව්‍යාපාරය ආර්ථික ධනස්කන්ධකෙන ව්‍යාපාරයක්. එකේ ඵල ප්‍රයෝජනය අපි ගන්න ඕනේ. හොද ඇමති කෙනෙක් පත් කරලා ඉන්නවා ඩග්ලස් දේවානන්ද මැතිතුමා. දක්ෂ රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. ඒ කාංචන විජේසේකර මැතිතුමා. ඒ නිසා අපි ඉල්ලිම් කෙරුවා අපිට අවශ්‍ය කරන ඔරු ටික, මාලු පැටවුන්, ඉස්සන් ඒ වගේම අපේ ඉගිනිමිටියේ ගොවි සමිතියෙන් ඉල්ලුව හැචරියක් තමන්ගේ මාලු පැටවුන් ටික නිෂ්පාදනය කර ගන්න. ඉගිනිමිටියට විතරක් නෙවෙයි මේ කලාපයටත්, යාපහුවටත් එය ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව කියන්න කැමති.
අපිට ඕනේ අපේ ජනතාවගේ ආර්ථිය ශක්තිමත් කරන්න. අපේ දිස්ත්‍රික්කයේ ජනතාව අපෙන් ඇවිත් දේවල් ඉල්ලන්නේ නෑ. ගොවියන්නට වතුර ටික දෙනවා. ජනතාව දන්නවා ජිවිත් වෙන්න. කිසි සැකයක් තියාගන්න ඕනේ නෑ අපි පාරවල් ටික හදනවා. ප්‍රධාන මාර්ග ටික හදන්න පටන් අරන් ඉවරයි. නවීන මාර්ග පද්ධතියක් මේ වන්නියට විතරක් නෙවෙයි මේ මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැම ගමකටම උඩු යටිකුරු කරන නවීන මාර්ග පද්ධතියක් ලබා දෙනවා. ඒවා බොහොම සද්භාවයෙන් අපි කරන්නේ. අපි දන්නවා අපි විදපු දුක, ජනතාව විදපු දුක ජනතාව විතරක් නෙවෙයි ඇඩු කදුලින් හිටියේ ශ්‍රී ලංකාවම. පහුගිය අවුරුදු 5ක් මුළු රටක් ආරාජිත කරලා. ආර්ථිය විනාශ කරලා රටේ මිනිස්සු නිකන් මැරෙන්න ඇරපු යුගයක් තිබ්බේ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාලා, පොලිස් නිලධාරීන් හිරේ දාලා, බොද්ධ රටක් නෙවෙයි කියලා 69ක් සංඝයා වහන්සේලා හිරේ දාලා පොළු වලින් පහරදිලා ඔළු පලලා අපේ මහ සංඝරත්නේ අපිට කවදත් අමතක කරන්න බෑ. මහ දවල් රට පාව දුන්න ඒ යුගයට නිමාව තිබ්බා, අවුරුදු 4 1/2ක් යන්න ඉස්සර වෙලා ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති කරලා. අපි කිවුවා අපිට එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් එක නිතියක් නෑ කියලා ප්‍රචාරය ගෙනියන්න හදනවා. අපේ ජනාධිපතිතුමටත් අගමැතිතුමාටත් අපි වගකීමෙන් කියන්නේ එක රටෙන් එක නීතියෙන් අපි ඇත් වෙන්නෑ කියලා.


