බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධා හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක්

බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධා හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක්

මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මැදපෙරදිග යුද්ධය හමුවේ: ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධා සහ එම බාධාවලට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශවලින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ යෝජිත විකල්ප පිළිබඳ මෙහි දී සමාලෝචනය කෙරිණි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේ දී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම යනාදි විකල්ප ක්‍රමවේද නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවත් එමෙන් ම මතු වන නව තත්ත්ව පිළිබඳ නිරන්තර ජනතාව දැනුවත් කරන විධිමත් සන්නිවේදනයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා විසින් මෙහි දී ‍පෙන්වා දෙන ලදී.

දැනට ක්‍රියාත්මක ඩිජිටල් කේත ක්‍රමය යටතේ මින් පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මතු වී ඇති බාදා කඩිනමින් මගහරවාගැනීම පිළිබඳ මෙහි දී සාකච්ඡා විය.

රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතු වන නව තත්ත්වයට මුහුණ දීමේ දී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී අවධානය යොමු විය. මතු වී ඇති නව තත්ත්වය පසුගිය කොරෝනා සමයේ තත්ත්වයට වෙනස් තත්ත්වයක් බවත්, එබැවින් නව තත්ත්වයට ගැළපෙන ලෙස විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේද බලාත්මක කළ යුතු බවටත් මෙහි දී සාකච්ඡා විය.

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ යාවත්කාලීන වන නව තත්ත්ව පිළිබඳ නිරන්තර අධික්ෂණය පවත්වාගෙන යමින් ජාතික ආර්ථිකයට වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි විකල්ප පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

මේ අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාශල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 

akd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න