ලංකා බැංකුවේ සිගරට් ණයට විරුද්ධවූ අධ්‍යක්ෂවරුන් දෙදෙනා ගෙදර !

 ලංකා බැංකුවේ සිගරට් ණයට විරුද්ධවූ අධ්‍යක්ෂවරුන් දෙදෙනා ගෙදර !

2021 අයවැයෙන් සිගරට් මිල වැඩිවෙතැයි යන බලාපොරොත්තුවෙන් එම වැඩි වන මිලේ වාසිය ලබා ගැනීමට සිගරට් තොග රැස්කිරීම සඳහා ඩී.එස්. ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකුව විසින් රු.මිලියන 2100 ක ඇපකර ණයක් ලබා දීමට විරුද්ධත්වය ප්‍රකශ කළ බව කියන ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනා අදාළ තනතුරුවලින් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

හසිත් ප්‍රේමරත්න සහ ලලිත් විතානගේ යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙසේ ලංකා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත්ව ඇති අතර  ඒ වෙනුවට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස හිටපු ආණ්ඩුකාරවරයෙකු වන මේජර් ජනරාල් ජී. ඒ.චන්ද්‍රසිරි සහ තේ මණ්ඩලයේ සභාපති වරලත් ගණකාධිකාරී ජයම්පත් මොල්ලිගොඩ පත්කර ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඉල්ලා අස්වූ අධ්‍යක්ෂවරුන් දෙදෙනා අදාළ ණය මුදල නිකුත් කිරීමට විරුද්ධව ඇත්තේ  අයවැය බදු වැඩිවීමක් සම්බන්ධව  වේලාසන සිගරට් තොග රැස්කිරීම තුළ ව්‍යාපාරිකයා  අමතර අතිරේක ලාභයක් ලබන නමුත් බදු වැඩි කිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන ලාභය රාජ්‍ය භාණ්ඩාගාරයට හිමි නොවන බව පවසමිනි. 

එසේම ඇපකර ණයක් දීමේ අවධානම මූල්‍ය වෙළඳපොල විශ්ලේෂකයන්ද පෙන්වා සිටි අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සිගරට් වැන්නක් ඇපකරයක් වූ විට හදිසියෙන් හෝ ණය ගෙවීමේදී ප්‍රශ්නයක් ඇති වුණා නම් ලංකා බැංකුවට සිගරට් විකිණීමට යොමුවීමට සිදුවන බවය. එසේම අපේක්ෂිත ලෙස සිගරට් බදු වැඩි නොවූ බවත් ඔවුන් පවසයි. 

මේ අතර ණය ලබාගත් ව්‍යාපාරිකයා රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු මෙන්ම ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයෙක් ලෙස මාධ්‍ය වාර්තා පළව ඇති අතර  පසුගියදා ද  ලීඩර් වෙබ් අඩවිය පුවත් විශේෂාංගයක් කර තිබුණේ ගජමිතුරු ව්‍යාපාරිකයා වෙනුවෙන් සිගරට් මිල රුපියල් 5.00 කින් ඉහළ දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය කරමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න