සංචාරක ව්‍යාපෘතිය උදයංග විනාශ කළා - නාමල්ගේ මාමණ්ඩිගෙන් චෝදනාවක් !

සංචාරක ව්‍යාපෘතිය උදයංග විනාශ කළා - නාමල්ගේ මාමණ්ඩිගෙන් චෝදනාවක් !

උදයංග වීරතුංග  විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ පවසයි.

“truth with chamuditha"යූටියුබ් චැනලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසන අතර මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් එය මීට වඩා පරෙස්සම් වී කළ යුතුව තිබූ බවත් පවසයි.“යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැහැ. එම සංචාරකයෝ භාවිත කරන්නේ මගේ බස් රථ නොවෙයි.

මට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නෙවෙයි.

සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට කිසිදු බලාපොරොත්තුවක නැහැ.මම නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරන්නේ නැහැ.” 

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ සංචාරක හෝටල් හිමි ව්‍යාපාරිකයකු වන අතර ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මාමණ්ඩියද වෙයි.

එසේම උදයංග වීරතුංග ද රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න