මංගලගේ මිතුරියක් ඇමරිකානු බයිඩන් පාලනයේ ඉහළ තනතුරකට !

මංගලගේ මිතුරියක් ඇමරිකානු බයිඩන් පාලනයේ ඉහළ තනතුරකට !
ඇමරිකා එක්සත් ජනපදයේ අභිනව ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩන් විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු එක්සත් ජනපද ඒජන්සියේ  (USAID) පරිපාලක ලෙස තානාපතිනි සමන්තා පවර් නම් කර තිබේ.
 
ඒ බව සඳහන් කරන පණිවිඩයේ මෙසේ සඳහන් වෙයි.
 
ලෝකයේ මානුෂීය හා ප්‍රතිපත්තිගරුක ඇමරිකානු මැදිහත්වීම සඳහා ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ ඇය ජාත්‍යන්තර ප්‍රජාව පෙළගස්වා අපගේ හවුල්කාර පාර්ශවයන් සමඟ අපගේ කාලයේ පැන නගින විශාලතම අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කරනු ඇත.
 
IMG 20210113 WA0002
තානාපතිනී සමන්තා පවර් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පාලනය තුළ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ලෙස ඉහළ තනතුරක් දැරූ කීර්තිමත් රාජතාන්ත්‍රික පසුබිමක් ඇති තැනැත්තියකි.
 
එසේම ඇය හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ සමීපතම හිතවතියක වන අතර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනයද පැවැත්වීමට මෙරටට පැමිණියාය.

unnamed

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න