Language Switcher

V2025

පණ දෙන පුවත වැරදියි : දේශපාලන ව්‍යාපාරයක් හදන්න හිතලාවත් නෑ - සාධාරණ සමාජය

රවී,නවීන්,අර්ජුන, කරුගේ සාධාරණ සමාජයට පණ දෙන්න යති" යන සිරස්තලයෙන්  යුතුව  2021-01-17 ඉරිදා  අරුණ පුවත්පතේ  පළවූ පුවත නිවැරදි නොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

ඒ අදාළ පුවත සම්බන්ධව එදිනම (ජනවාරි 17- ඉරිදා ) අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙත ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමුකරමිනි.

අදාළ ලිපිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් විසින් යොමුකර ඇති අතර " අදාළ පුවතෙහි සදහන්ව ඇති ආකාරයට නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත්ම අදහස් කරන්නේ නැත." යනුවෙන් ද අවධාරණය කර ඇත. 

එම ලිපිය පහත දැක්වෙයි.

2021-01-17

මහින්ද ඉලේපෙරුම මහතා

ප්‍රධාන කර්තෘ,

අරුණ පුවත්පත  

හිතවත් ප්‍රධාන කර්තෘතුමණි,

“රවී,නවීන්,අර්ජුන, කරුගේ සාධාරණ සමාජයට පණ දෙන්න යති” පුවත පිළිබඳවයි.

පසුගිය 17 වනදින ඉහත ශීර්ෂ පාඨයෙන් යුක්තව ඔබ පුවත්පතේ පලවී ඇති පුවත නිවැරදි නොවේ. අදාළ පුවතෙහි සදහන්ව ඇති ආකාරයට නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිසේත්ම අදහස් කරන්නේ නැත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ රටේ ජන ජීවිතයේ යුක්තිගරුකභාවය සඳහා මෙන්ම, සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින හා ඒ වෙනුවෙන් විවෘතව ක්‍රියා කරන සිවිල් සංවිධානයකි.

එබැවින් අප සංවිධානය කිසිදු අවස්ථාවකදී මේ රටේ දේශපාලන බලය වෙනුවෙන් පෙනී සිට නොමැති අතර, එම ප්‍රතිපත්තිය ඉදිරියටත් ඒ ආකාරයටම යාවත්කාලීන වනු ඇත. එබැවින් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගීමේ කිසිදු අවශ්‍යතාවයක් අප සංවිධානයට නැත.

එබැවින් මේ පිළිබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකර මෙම තතු පැහැදිලි කිරීම සඳහා නොපමාව ඔබ පුවත්පත මඟින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.

ස්තූතියි !    

මෙයට විශ්වාසී,

පාලිත ලිහිණියකුමාර,

ප්‍රධාන ලේකම්,

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

 2021 ජනවාරි 17 ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර තිබු පුවත පහත දැක්වෙයි.

රවී,නවීන්,අර්ජුන, කරුගේ සාධාරණ සමාජයට පණ දෙන්න යති - අරුණ පුවත මෙන්න !

Capturearun

එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සම්බන්ධ වී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර ඇත.

රවි කරුණානායක සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නද මීට එක්ව සිටිති. මෙම පුළුල් දේශපාපලන ව්‍යාපාරය පිළිබඳව මෙම පිරිස සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර විශේෂ සාකච්ඡාවක් අද (17 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඉන් පසු මාධ්‍යවේදීන් කැඳවා නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලබන 26 වැනිදා කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට රජය විවේචනය කරන ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින්ද මෙම ව්‍යාපාරයට දායක කර ගැනීමට කථිකා කර ගෙන ඇත.

කෙසේ වෙනත් රවි කරුණානායක පක්ෂයේ මහ ලේකම් ධුරය ඉල්ලා සිටීම උප නායකත්වයෙන් ඉවත් කිරීමට බලපෑ ආසන්නතම හේතුව බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ප්‍රථම මහ ලේකම් ධුරය තමන්ට අවශ්‍ය බව රවි කරුණානයක දැනුම් දී ඇත. ඊට විරෝධය පළකරමින් පක්ෂ නායකත්වය දැනුම් දී ඇත්තේ පක්ෂයේ මහලේකම් ධුරය ගමෙන් දේශපාලනයට පිවිසි කෙනෙකුට ලබා දීමට යෝජනා වී ඇති බවයි. හිටපු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට එය ලබා දීමට තීරණය කර ඇති බවද පක්ෂ නායකත්වයන් දැනුම් දී ඇත.

ඊට විරෝධය පළ කරමින් රවි කරුණානායක ඉවත්ව ගිය අතර උප නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් හිටපු මහලේකම්වරයා පත් කෙරුණි. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කර ඇති හිටපු මන්ත්‍රී නවීන් දිසානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට නම් කළ අර්ජුන රණතුංගද තනතුරු භාර ගැනීම සම්බන්ධව මෙතෙක් නිල පිළිතුරක් පක්ෂය වෙත ලබා දී ඇත. ඔවුන් දෙදෙනා සහ රවි කරුණානායක අතර සති අන්තයේ ද සාකච්ඡා පැවැත්විණි.

දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර ඇත.

රවි කරුණානායක සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නද මීට එක්ව සිටිති. මෙම පුළුල් දේශපාපලන ව්‍යාපාරය පිළිබඳව මෙම පිරිස සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර විශේෂ සාකච්ඡාවක් අද (17 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඉන් පසු මාධ්‍යවේදීන් කැඳවා නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලබන 26 වැනිදා කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට රජය විවේචනය කරන ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින්ද මෙම ව්‍යාපාරයට දායක කර ගැනීමට කථිකා කර ගෙන ඇත.

කෙසේ වෙනත් රවි කරුණානායක පක්ෂයේ මහ ලේකම් ධුරය ඉල්ලා සිටීම උප නායකත්වයෙන් ඉවත් කිරීමට බලපෑ ආසන්නතම හේතුව බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ප්‍රථම මහ ලේකම් ධුරය තමන්ට අවශ්‍ය බව රවි කරුණානයක දැනුම් දී ඇත. ඊට විරෝධය පළකරමින් පක්ෂ නායකත්වය දැනුම් දී ඇත්තේ පක්ෂයේ මහලේකම් ධුරය ගමෙන් දේශපාලනයට පිවිසි කෙනෙකුට ලබා දීමට යෝජනා වී ඇති බවයි. හිටපු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට එය ලබා දීමට තීරණය කර ඇති බවද පක්ෂ නායකත්වයන් දැනුම් දී ඇත.

ඊට විරෝධය පළ කරමින් රවි කරුණානායක ඉවත්ව ගිය අතර උප නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් හිටපු මහලේකම්වරයා පත් කෙරුණි.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කර ඇති හිටපු මන්ත්‍රී නවීන් දිසානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට නම් කළ අර්ජුන රණතුංගද තනතුරු භාර ගැනීම සම්බන්ධව මෙතෙක් නිල පිළිතුරක් පක්ෂය වෙත ලබා දී ඇත. ඔවුන් දෙදෙනා සහ රවි කරුණානායක අතර සති අන්තයේ ද සාකච්ඡා පැවැත්විණි.