ජනවාරි 21 වන බ්‍රහස්පතින්දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජනමාධය අමාත්‍යාංශයේ අද (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
එසේම සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සිදු කරන්නේ , සංචාරක ව්‍යාපායෙන් සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30 කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බවත් ඔහු පැවසීය.

