Language Switcher

V2025

ලංකාවේ මානව හිමිකම් ගැන ඇමරිකාවෙන් සිහි කැඳවීමක් !

ශ්‍රී ලංකාව  ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිදපැදීම සදහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය ගරු කළ යුතු බව අවධාරණය කරමින්  ඇමරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය අලෙයිනා බී. ටෙප්ලිට්ස් විසින් මේ නිවේදනය නිකුත්කර ඇති අතර එය ට්වීටර් ගිනුමේද දැක්වෙයි.

අදාළ නිවේදනය තුළ ලංකාව 1955 සිට බැඳී සිටින මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 18 වැනි වගන්තියද විශේෂ කොට සිහිපත් කර ඇත.

ඇමරිකානු තානාපතිනිය මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ අමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන්  දිව්රුම් දීමත් සමගය. 

අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි.

 WhatsApp Image 2021 01 21 at 3.18.05 PM

Aleina B. Teplitz scaled

biden harris GettyImages 1228132294