2005 අංක 17 දරන ශ්‍රී ලංගම පනත උල්ලංඝනය වන ආකාරයේ අධ්‍යක්ෂ මණ්ඩල පත්වීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
ඒ ශ්‍රී ලංගම අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පොදුජන පෙරමුණ වෘත්තීය සමිති නායකයා වන නුරාජිත් සිං පත්කිරීම හමුවේය.
2005 අංක 17 දරන ශ්‍රී ලංගම පනතේ 6 (අ) වගන්තිය අනුව ලංගම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු විය හැක්කේ වෘත්තියවේදියෙකුට පමණි. එනම්, නීතිඥ, ඉංජිනේරු , උපාධිධාරී වැනි මුලික අධ්‍යාපන සුදුසුකම් ඇති අයවළුන්ට පමණි.
ලැබී ඇති විශ්වාසවන්ත ආරංචිමාර්ග වලට අනුව නුරාජිත් සිං නම් පොදුජන පෙරමුණු වෘත්තීය සමිති නායකයාට මේ සුදුසුකම් නොමැත. ඒ අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් සිදුකර ඇති මෙකී පත්වෙම පැහැදිළිව ලංගම පණත උල්ලංඝනය කිරීමක් වෙයි.
ඒ අනුව ලංගම ආරංචිමාර්ග පවසන්නේ මෙකී පත්වීම අධිකරණ නියෝගයද නොතකා කටයුතු කිරීමක් බවය.
අමාත්‍යවරයා සිදුකළ මෙකී පත්වීම ඇතුළත් ලිපිය පහත දැක්වෙයි.
මේ අතර මේ වන විටත් අධික අලාභ මත කටයුතු සිදුවෙන ශ්‍රී ලංගම තුළ පොදුජන පෙරමුණු වෘත්තීය සමිති බලපෑම් දැඩිවීම හමුවේ ලංගම කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් මතුව ඇති බවට තොරතුරු රැසක් වාර්තාවෙයි.
ඒ අනුව මොදුජන පෙරමුණේ මේ වසරක කාලය තුළ ලංගම තුළ ප්‍රධාන විධායක නිලධාරීන් 3ක්, මානව සම්පත් කළමනාකරු ලෙස 3ක්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී 3ක්, විශේෂ විමර්ශන කළමනාකරු 3ක් , ලෙස පත්වීම් සහ අත්හැරයාම් සිදුව ඇත. එට හේතුව පොදුජන පෙරමුණ වෘත්තීය සමිතියේ බලාපෑම්ය.
එය කොතරම් දුරදිගගොස් ඇත්දැයි කියනවා නම් ජනාධිපති කාර්යාලය හරහා සිදුකළ පත්වීමක් අනුව ශ්‍රී ලංගම ප්‍රධාන විධායක නිලධාරී ලෙස පැමිණි සාගර වඩුගේ ගේ ඉල්ලා අස්වීම ඊට සාක්ෂි දරයි.
සාගර වඩුගේ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන සුගීස්වර බණ්ඩාර ගේ සමීපතම ඥාතියෙකි. ලංගම වැටී ඇති වලෙන් ගොඩට ගෙන දුෂණ - අක්‍රමිකතා පාලනය කිරීමට කියා ඔහුව පත්කර එව්වාද ඔහුට ඉල්ලා අස්වීමට සිදුවන තරමට අභ්‍යන්තර කටයුතු දූෂිත බවට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියද සාක්ෂි දරයි.
එම ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වෙයි.
සාගර වඩුගේ ගේ ඉල්ලා අස්වීම !


දැන් මල්ල ලිහා ඇති බැවින් අලුතෙන් ඔබලා බලන්න දෙයක් නැත. එනිසා මේ කියන පත්වීම් නිසිලෙස සිදුව ඇත්ද ? පනත උල්ලංඝනය කර ඇත්ද ? මෙකී පත්වීමට අදාළව අධිකරණ නියෝගය බලාත්මක නැද්ද ? යන්න සළකා බැලීම ප්‍රධාන ගණන්දෙන නිලධාරියා ලෙස අමාත්‍යංශ ලේකම් ගේ වගකීමය. එහෙයින් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.!


