Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිව ඇත.
අද (21) කොළඹ පැවති උත්සවයකදී ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ බව සඳහන් කළ අතර නොබෝ දිනකින් එන්නත මෙරට භාවිතය සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවත් පැවසීය.
එමෙන් ම තවත් එන්නත් කිහිපයක් සඳහා ද අයදුම්පත් යොමු වී ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

