සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තා කරයි.
ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.
මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඒ අතර සිටිති. පසුගිය ජනවාරි 08 වෙනි දින කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.
PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.
ඇමැතිනියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව කියා සිටියේ, ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බවය.

කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බවයි.
කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇති බවත්, ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බවත් 'Lanka Lead News' වාර්තා කර ඇත.
ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසුව අනුමත කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව අවධානය පළ නොකොට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්විය.
(උපුටා ගැනීම් - BBC සිංහල)

