ඇමති වුණත් මම ඉන්නෙත් කළකිරීමෙන් - ඩලස්

ඇමති වුණත් මම ඉන්නෙත් කළකිරීමෙන් - ඩලස්

සාමාන්‍ය ජනතාව පමණක් නොව ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන තමාද දැඩි කළකිරීමෙන් පසුවන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. විශාල ප්‍රශ්න ප්‍රමාණයකට ජනතාව මුහුණදෙමින් සිටින බැවින් ආණ්ඩුව විවේචනය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත්, එනිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා යැයි කීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දෙවුන්දර ආසනයේ පොදුජන පෙරමුණු කාන්තා ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ජීවන වියදම ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත් වන බව කාටක් රහසක් නොවන බවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ටද ජනතා ගැටලු හේතුවෙන් රෑට නින්ද නොයන තත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා  පවසන්නේ මේ දිනවලට විදුලි නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පරිදා වර්ෂාව ලැබෙන බැවින් සුවසේ නිදා ගන්නා එකම ඇමතිවරයා තමා පමණක් බවයි.

වත්මන් ආණ්ඩුව පත්වූ දිනයේ සිටම කොවිඩ් මාරයාට මුහුණ දීම හැර වෙනත් කිසිවකට ඉඩක් නොතිබූ බවත්, බොහෝ ගැටලුවලට එය හේතුවක් වූ බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

LNW

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න