පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති 43 සේනාංකය සමඟ සම්බන්ධව සිටින නීතිඥයන් විසින් නීති ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ව්‍යාපාරය නමින් ලංකාවේ යල්පැන ගිය නීතීන් ප්‍රතිසංස්කරණය කිරීමට නව සමාජ බලවේගයක් ගොඩනගා ඇත.
නීති ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ව්‍යාපාරය අද (27) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබූ අතර ඊට එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර සමඟ හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක එක්ව අදහස් දක්වනු ලැබිණ.
මෙහිදී අධිකරණ අපහාස නීතිය පිළිබඳව නව පනත් කෙටුම්පතක් සඳහා යෝජනාවක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම 2008 වසරේ නීති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ අපහාස නීතිය පිලිබඳ පනත් කෙටුම්පත් යෝජනාව කෙරෙහිද මෙහිදී අවධාරණය කරනු ලැබීය.
එමෙන්ම යල් පැන ගිය නීතීන් සහ ලෝක ප්‍රවණතා අනුව යාවත්කාලීන නොවූ නිතී නිසා දිනපතා පීඩාවට පත්වන සාමන්‍ය ජනතාව වෙනුවෙන් කාර්‍ය්ක්ෂම නව නීති පද්ධතියක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීම සිය සංවිධානයේ ප්‍රමුඛ අභිමතාර්ථය බව ද සහභාගී වූවෝ අවධාරණය කළහ.
මෙම අවස්ථාවට නීතිඥ රජික කොඩිතුවක්කු සහ තවත් නීතිඥ මහත්වරු කිහිපදෙනෙක් ද සහභාගීවුහ.
නීති ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධව නිකුත් කල නිවේදනය පහත දැක්වෙයි !
අධිකරණ අපහාස නීතිය පිළිබඳව නව පනත් කෙටුම්පතක් සඳහා වූ යෝජනාව පහත දැක්වෙයි !


 
     
     
    