අගමැති කැලණිය රජමහා විහාරයට යයි

අගමැති කැලණිය රජමහා විහාරයට යයි

නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(28) විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුව දුක් විමසා බැලුවේය.

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිහිපත් කරවන බව සදහන් කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍යවරයා නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරය වැදපුදා ගැනීමට පැමිණීම අගය කරන බව පැවසූහ.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍යතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කළහ.

කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ ඇතුළු පැමිණ සිටි මහජන නියෝජිතයන් සමඟ ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුහද පිළිසදරක නිරත විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා, තරුණ තරුණියන් 500 දෙනෙකු ශීල සමාදානය වූ කැලණිය රජ මහා විහාරයේ පැවැති ශීල වැඩසටහනට හා සම්බන්ධ විය.

එහිදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ විසින් උන්වහන්සේ රචිත තරුණ සිතට බුදු දහම කෘතිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

අග්‍රාමාත්‍යතුමා මෙම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නයට නා පැළ ඇතුළු ශාක විශේෂ රුක් රෝපණය සදහා පුජා කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, කැලණිය දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක සමන් වීරසිංහ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න