විමල්ගේ හැසිරීම ගැන කණගාටුයි : පොහොට්ටු ලේකම් ප්‍රසිද්ධියේ කියයි !

විමල්ගේ හැසිරීම ගැන කණගාටුයි : පොහොට්ටු ලේකම් ප්‍රසිද්ධියේ කියයි !

විමල් වීරවංශ අමාත්‍යවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධව පොදුජන  පෙරමුණ කණගාටුව ප්‍රකාශ කරන  බව එහි ප්‍රධාන ලේකම් , ජාතික ලැයිස්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ඔහු මෙසේ සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවක්  අවස්ථාවේ  නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

එහිදී මාධ්‍යවේදියකු අසා සිටියේ නැගෙනහිර ජැටිය ඉන්දියාව වෙත ලබාදීම නැවැත්වීමට විමල් වීරවංශ වැනි අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වෙන තරමට සිදුකළ බලපෑම හේතු වූවාද  යන්නය.

එහිදී පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණ  පක්ෂයේ කවුරුත් මනාප වෙනුවෙන් බාල  දේශපාලනයේ නොයෙදෙන බවය.

එසේම එම පාර්ශව වෙත ගැටලු  ආණ්ඩු පක්ෂ රැස්වීම සහ කැබිනට් මණ්ඩල රැස්වීම අවස්ථාවේ තාම කිරීමට තිබූ බවත් සාමූහිකත්වය කියා දෙයක් ඇති බවත් ඔහු සිහිපත් කළේය .

තවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ වත්මන් ජනාධිපති හෝ ආණ්ඩුව කිසි කෙනෙකුගේ බලපෑමට යටත් නොවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න