Language Switcher

V2025

රන්ජන් නොමැති මීරිගමට දැවැන්ත සුද්දයක් !

අධිකරණයයට අපහාසවන ලෙස ප්‍රකාශ සිදුකලේ යැයි වරදට සිව් වස් සිරදඬුවම් ලභමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක  ඔහුගේ දේශපාලන දිවිය තුල අයුක්තිය අසාධාරණය හා දූෂණ වංචා මෙන්ම මහා පරිමාණ ජාවාරම් පරිසර හානි වෙනුවෙන් නිර්භීතව තම හඬ අවදිකල දේශපාලකයෙකි.

මහාපරිමාණ පස්,ගල්,වැලි හා වන විනාශයට එරෙහිව රන්ජන් භූමිකාව !        

ඉකුත් වසර කීපය තුලම ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත දේශපාලණික බලපුලුවන්කාර කම් තුල සිදුවුන අති දැවැන්ත පාරිසරික විනාශය වෙනුවෙන් පෙනීසිටිමින් ජනතාව සමග ඔවුන් මුහුණ දෙන පානීය ජල ගැටලු හා පාරිසරික ව්‍යසනයන් වෙනුවෙන් ඇතිවී තිබෙන හා ඇතිවීමට නියමිත ජනතා ගැටලු වෙනුවෙන් තම හඬ අවදිකල රන්ජන් රාමනායක මංත්‍රී වරයාට ඔහුගේ ආසන සංවිධායක ධූරයද අහිමිවිය.            

තනතුරු තානාතර වරදාන වරප්‍රසාද හමුවේ කිසිදා තම අව්‍යාජත්වය හා අවංකත්වය පාවා නොදුන් සැබෑ ජනතා නියෝජිතයකු ලෙස මහා පරිමාණ පස් කැපීම් කළු ගල් කැඩීම් හා අනවසර වැලි ගොඩදෑම් වැනි පාරිසරික හානි වලකාලීමට සටන් කල සත්‍යයේ ජනතා හඬ සිරගතවීමත් සමගම මීරිගම හල්පේ ජලපෝෂක කලාපයන් අද වනවිට වෘක්ෂ සුනඛයන්  හා පාංශු රකුසන්ගේ ග්‍රහණයට නතුවී ඇත.

ඒ පිළිබඳ හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් තම මුහුණු පොතේ තැබූ සටහනකි.

"මේ ඔබ දකින්නේ ගම්මාන දෙකක් මැද පිහිටි ජලපෝෂක ප්‍රදේශයක් වු ඉතාමත් සුන්දර කදුයායක් වන  මිරිගම 41 හල්පේ කන්දකෑලේ කන්ද කදුයායේ අද පවතින ශෝචනීය තත්වයයි..

ජවාරම් කරුවන් කිහිප දෙනෙකුගේ මුදල් අවශ්‍යතාවය මත පවුල් 2000 කට පමණ ගම්මාන දෙකක ස්වාභාවික  ජල උල්පත් විනාශ කරමින් අදිවේගි මාර්ග සංවර්ධන මුවාවෙන් කරගන යන දැවැන්ත පස්  ජාවරමක රූප සටහන් කිහීපයකි.

මේ සදහා පරිසර අධිකාරිය භූ විද්‍යා හා පතල් අමාත්‍යාංශය සහා ඒ හා බැදුනු අමාත්‍යාංශ කුමන පදනමක් මත මෙවනි විනාශකාරි ක්‍රීයාවන්ට අනුමැතිය ලබා දුන්නද යන්න විශාල ගැටලුවකි..

ගම නියෝජනය කරන ග්‍රාමසේවක ඇතුලු  ගමතුල පත්කර ඇති වගකිවයුතු රාජ්‍ය නිලදාරින් මේ සදහා අනුමතිය ලබා දී ඇත්තෙ හොර රහසේය කිසිම විටක මේ පිලිබදව ගමෙ  පරිසර කමිටු සහා ග්‍රාමීය ජනතාව රැස්කර කිසිවිටකත් දැනුවත් කිරීමට කටයුතු කර නොමැත ඔවුන් ඔවුන්ගෙ තනි තීරන මත ඔවුන්ගේ බලය අවභාවිතා කරමින් නිර්දෙශ ලබා දී ඇත .

මේ තුලින් සිදුවන පරිසර හානීය වචනයෙන් විස්තර කල නොහැකි කරුණකි මනුෂ්‍යයන් පමණක් නොව සතාසිව්පාවා පවා මේ අමානුෂික ක්‍රීයාකලාපයන් නිසා මේ වන විට අසරණ වී ඇත .

කන්දපාමුල තිබෙන්නෙ වසර 423 පැරණි පුරාණ විහාරස්තානයකි මේ හෙතූන් නිසා විහාරස්ථායටත් දැඩි බලපෑමක් සිදුවිය හැකිය..අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය තුල මේ වන නඩුවක් විභාග වෙමින් පවතින අතර අධිකරණය විසින් දැනට වාරණ නියෝගයක් ලබා දී ඇත ..

මුදලට වහල්නෝවි ගමට ආදරය කරන පරිසරයට ආදරය කරන ගමතුල ජීවත්වන කිහිපදෙනෙක් හෝ සිටීම වාසනාවට කරුණකි" රන්ජන් රාමනායක නම් පරිසර හිතකාමී ජනතාවාදී දේශපාලකයාගේ සිරගතවීමේ අනුහසින් එකී ජාවාරම්කාර පාරිසරික ඝාතකයන් නිදහසේ අද මෙසේ වනසමින් සිටින්නේ ඔබේත් මගේත් අනාගත මතු පරපුරේත් සොභාදහමේ චමත්කාරය නොවේද?????                  

වැදූ මවගේ රීරි මාංශ අනුභව කරන්නා සේ අහස පොලොව නුහුලන මහා පාරිසරික ඝාතකයන් හට එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක වනතුරු පරිසර හිතකාමී යුක්ති ගරුක පුරවැසියන් නිරන්තර අවදියෙන්…

IMG 20210202 WA0010

IMG 20210202 WA0011

IMG 20210202 WA0012

IMG 20210202 WA0013

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය.