බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි

බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි

බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam ) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් (Mohammad Hazrat AliKhan ) යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විජේරාම නිවසේදී ඊයේ (02) හමුවිය.

හමුවීමට ලද අවස්ථාව පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂට ස්තූතිය පුද කළ මහ කොමසාරිස්තුමා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූ බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා, සිය අග්‍රාමාත්‍යවරියගේ ලිපියක් අගමැතිතුමා හට භාර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ඇයගේ සුබ පැතුම් ද එක් කරමිනි.

කෘෂිකාර්මික, ධීවර හා නාවික සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්තුමා දැඩි උනන්දුවක් දැක්වූ අතර බංග්ලාදේශය දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ 4 වන විශාලතම රට වන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

ගංවතුර හා නියඟයට ඔරොත්තු දෙන ඉහළ මට්ටමේ සහල් වර්ග නිපදවීමටත් එමඟින් සහල් නිෂ්පාදනය වැඩිකිරීමටත් බංග්ලාදේශය මේ වන විටත් ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටී.

අධ්‍යාපන සහ ඖෂධ ක්ෂේත්‍ර සඳහා වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයෙන් ලබා දුන් සහය පිළිබඳව කෘතවේදීත්වය පලකළ අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා බංග්ලාදේශයේ ආයෝජකයින් දිරිමත් කරන ලෙස මහ කොමසාරිස්තුමාට ආරාධනා කළේය.

දෙරට අතර වෙළඳ සබඳතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩෙ ප්‍රස්ථාවක් ඇති බව අගමැතිතුමා සහ මහ කොමසාරිස්තුමා සාකච්ඡා කළහ. බංග්ලාදේශය, මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනය සමරන බැවින් මහ කොමසාරිස්තුමා බංග්ලාදේශයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.

දෙරට අතර දැනටමත් පවතින මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා බංග්ලාදේශ රජය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව පැවසූ අග්‍රාමාත්‍යතුමා, මහ කොමසාරිස්තුමාට සිය ධූර කාලය තුළ සාර්ථකව කටයුතු කරගෙන යාමට සුභ පැතුම් එක් කළේය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්  ද එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න