1973 අංක 05 දරණ ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත මඟින් පිහිටුවා ඇති පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව වර්තමානයේ පවතින පනත සංශෝදනය කිරීම සඳහා මාධ්‍යෙව්දීන් ඇතුළු සිවිල් පුරවැසියන්ගෙන් අදහස් හා යෝජනා වීමසීමක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කර ඇත.
ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කණය කර විද්‍යුත්,මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රති සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ.
මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට අදාළ වන කාලීන යෝජනා 2021 මාර්තු 15 වන දිනට පෙර ලේකම් ,ජනමාධ්‍ය අමාත්‍යාංශය,නො .163 ,ඇසිදිසි මැදුර ,කිරුලපන මාවත ,පොල්හේන්ගොඩ ,කොළඹ 05 යන ලිපිනයට යොමු කළ හැක.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
