ඥානසාර හිමිට අපරාධ චෝදනා : පාස්කු කොමිසමේ නිර්දේශයක් !

ඥානසාර හිමිට අපරාධ චෝදනා : පාස්කු කොමිසමේ නිර්දේශයක් !

2014 ජූනි 15-17 දිනවලදී බේරුවල අලුත්ගම දර්ගා නගරයේ ජාතිවාදී කලබල ඇතිකිරීමට අනුබල දීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. ඒ බව අද the morning පුවත්පත සිය ප්‍රධාන සිරස් තලයෙන් වාර්තා කර තිබේ.

අලුත්ගම සිදුවූ මෙම සිදුවීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් 50ට අධික පිරිසක් තුවාල ලැබූ අතර දේපළ හානි රාශියක් ද සිදුවිය. මේ පිළිබඳව එම පුවත්පත ඥාණසාර හිමි ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ තවමත් එම වාර්තාවේ නිර්දේශ තමන් නොදන්නා බව පවසා ඇත. 

අද (12) දින සමහර පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබුණේ ඥානසාර හිමිට අපරාධ චෝදනා ගොනු කිරීමට අමතරව බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙස ද පාස්කු කොමිසමෙන් නිර්දේශ කර ඇති බවයි.

මේ ඒ සම්බන්ධව ලීඩර් වෙබ් අඩවිය සිදුකර තිබූ අනාවරණයකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න