කොවිඩ් මර්දන එන්නත්කරණය ගැන කතාවක් : සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය පිණිසයි !

කොවිඩ් මර්දන එන්නත්කරණය ගැන කතාවක් : සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය පිණිසයි !

ඇතැම්  වෛද්‍යවරුන් තම බලය සහ මිතුරුකම් උපයොගි  කර ගනිමින්   අවදානමක් අවම වශයෙන් ඇති (වෛද්‍ය සේවය සම්බන්ධ නොමැති ) තම භාර්යාවන්ට දුවා දරුවන්ට ගෘහ සේවිකාවන් රියදුරු මහතුන්ට නිති විරෝධී අයුරින් කොරෝනා මඩින එන්නත ලබාගෙන ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද රාවයක් පැතිර යයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ස්‍යෙඛ්‍ය දෙපර්තමෙන්තුවෙි සිටින 2000 පමණ විශෙෂඥ වෛද්‍යවරුන් සහ 30,000 පමණ සියලු වෛද්‍යවරුන් හොර පාරෙන් තම  නැදැ හිතවතුන්ට  එන්නත ලබාදුනනේ නම් අවදානමක් ඇති අනික් කර්ය මණ්ඩලවලට ලබාදීම සඳහා පළමු වටයේදී එන්නත් නොමැති වන බවය. තවද මේ වන විට විශ්‍රාමික නමුත් දැනට ⁣පුද්ගලික අංශයේ සේවයේ නියුතු,  ,පුද්ගලික රොහල්වල කාර්ය මණ්ඩලය ,සායනික කටයුතු නිරත වෛද්‍ය , හෙද සිසුන්ට  එන්නත ලබා ගැනිමට නොහැකි අවස්ථාවක ⁣මෙවැන්නක් සිදුවීම ගැනත් මැසිවිලි නැගෙමින් තිබේ. කෙසේ වුවත් අප මේ තොරතුර වාර්තා කරන්නේ, එය සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති කරුණක් ලෙස සලකමින්ය. වසංගත අවස්ථාවක මෙවැනි තොරතුරක් සමාජය තුළ කට කතාවක් ලෙස පැතිරයාම අහිතකරය. එසේම එය සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල චිත්තධෛර්යට හානි කරන්නක්ද වෙයි. 

එබැවින් කිසියම් හෝ දෙයක් සිදුවෙමින් ඇත්නම් එය වැළක්වීමට පියවර ගැනීමත්, මේ හුදු කටකතාවක් නම් ඒ සම්බන්ධව සත්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කිරීමත් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය.

කෙසේ වුවත් අප මේ තොරතුර වාර්තා කරන්නේ, එය සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති කරුණක් ලෙස සලකමින්ය. වසංගත අවස්ථාවක මෙවැනි තොරතුරක් සමාජය තුළ කට කතාවක් ලෙස පැතිරයාම අහිතකරය. එසේම එය සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල චිත්තධෛර්යට හානි කරන්නක්ද වෙයි. 

 එබැවින් කිසියම් හෝ දෙයක් සිදුවෙමින් ඇත්නම් එය වැළක්වීමට පියවර ගැනීමත්, මේ හුදු කටකතාවක් නම් ඒ සම්බන්ධව සත්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කිරීමත් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න