විමල්ව ආණ්ඩුවෙන් යවන්න හැදීම : රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් - අභයාරාමයත් ගේමට වඩියි !

විමල්ව ආණ්ඩුවෙන් යවන්න හැදීම : රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් - අභයාරාමයත් ගේමට වඩියි !

විමල් වීරවංශ අමාත්‍යවරයාව  ආණ්ඩුවෙන් එලවන්න හදන්නේ රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් අනුව යැයි නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි චෝදනා කරති.

රටේ මීළඟ නායකයා වීමේ ගමනක් විමල් වීරවංශ පැමිණ ඇති බවත් රාජපක්ෂ පවුල ඒකට බය වී ඇති බවත් ආනන්ද හිමියන් පවසති.

මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආවේ විමල් වීරවංශ බව පිළිගත යුතු බවද පවසන උන්වහන්සේ බැසිල් විමල් ගැටුම කාලයක් තිස්සේ පවතින එකක් බවද පෙන්වා දෙති.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ අදහස් දක්වා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වන අතර මහින්ද සුළඟ ආරම්භ කරන ලද්දේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර බන්දුල ගුණවර්ධන ආදීන් විසින් බවත් පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂට රටේ ජනතා මනාපයක් නැති නිසා නායකත්වය නුසුදුසු බවත් උන්වහන්සේ කියා සිටිති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න