කෲඩියා සෙලනිකා  ගම්මු දරට පාවිච්චි කලේ : ජාතික උද්භිද හා උද්‍යාන දෙපාර්තමේන්තුව කියලා !

කෲඩියා සෙලනිකා  ගම්මු දරට පාවිච්චි කලේ : ජාතික උද්භිද හා උද්‍යාන දෙපාර්තමේන්තුව කියලා !

මේසා විශාල පාරිසරික වටිනාකමක් හිමි කෲඩියා සෙලනිකා නම් රනිල ශාකයක් අප මාතෲ භූමියෙන් සොයාගෙන ඇති මොහොතක වගකිව යුතු සොභාදහමේ යහපැවැත්මට ක්‍රියා කලයුතු රාජ්‍ය නිලධාරීන් හට සුභාෂිතයේ එන පදයක් ඉතා හොඳින් ගැලපෙන බව සටහන් කල යුතුව ඇත...

නොමදින සුවඳ විහිදෙන සොඳ සඳුන් හර : හිමවත වසන වැදි අඟනෝ කෙරෙති දර...

සුභාෂිතය

වැද්දන්ටත් අන්ත මේ වගේ මෝඩයින් ඉහළ නිලතල හෙබවීමේ විපාක තමයි අද අපි  මේ විඳින්නේ…        

මේසා විශාල පාරිසරික ජෛව විවිධාත්මක වටිනාකමකින් යුතු ලෝකයෙන් නෂ්ඨ වී ගියායැයි සැලකූ එහෙත් ශ්‍රී ලංකාවෙන් පමණක් වාර්ථා වෙන දැවැන්ත වෘක්ෂය රැකගන්නවා විනා එය පැහැදිලිවම විනාශකිරීමම අරඹයා මෙසේ ප්‍රකාශවීම තුල අප නිගමනය කලයුත්තේ දේශපාලකයින්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද ' පාරිසරික සාක්ෂරතාව ' නොමැති බවයි….                           

මෙසේ සුවිශේෂී වටිනාකම් ඇති ශාක ලෝකයේ විවිධ ස්ථානවල ස්ථානීය සංරක්ෂණයට ( In - Situ- Conservation ) ලක්කොට දැවැන්ත සංචාරක ආකර්ෂණක් ලභාගෙන සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම මිහිකතේ අසිරියද ආරක්ශා කොට තිබේ...

එසේ එක් උදාහරණයක් නම් ලෝකයේ විශාලතම කස්තානියා ශාකය සිසිලියා දූපතේ සාන්ත අල්ෆියෝ ප්‍රදේශයේ ලින්ගුවාග්ලොස්සා හි ස්ථානීය සංරක්ෂණයට නතුකොට ඇත…. 

පොදු මහජනතාව ලෙස කිසිදා කිසිවකු තිරසර සංවර්ධනයට විරුද්ධ නොවන අතර සොභාදහමේ චමත්කාරය මවන අපට ජීවය සපයන ගහකොල,ගංඟා,ඇළ දොළ හා සතුන් සිවුපාවුන් ආරක්ශා කිරීම පුරවැසි වගකීමකි…

සුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය.

IMG 20210213 WA0001

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න