කෙරවලපිටිය LNG බලාගාරය සඳහා (PUCSL) අනුමැතිය

කෙරවලපිටිය LNG බලාගාරය සඳහා (PUCSL) අනුමැතිය

මෙගාවොට් 300ක කෙරවලපිටිය LNG බලාගාරය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ(PUCSL) අනුමැතිය හිමිව ඇතැයි සභාපතිවරයා පවසයි.

කොමිෂන් සභාව අනුමත කල මෙම විදුලි ගිවිසුම ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම අතර ක්‍රියාත්මක වේ.

මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම විදුලි පාරිභෝගිකයාට, ලංකා විදුලිබල මණ්ඩලයට හා රජයට වඩා හිතකර කොන්දේසි සහිතව ක්‍රියාත්මක වන බව සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සදහන් කලේ ය.

මීට පෙර අනුමැතිය සදහා ඉදිරිපත්කර තිබු විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමෙහි ඇතුළත්ව නොතිබු වාසිදායක කොන්දේසි 18ක් ඊට ඇතුළත් කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ අතර ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම එම හිතකර කොන්දේසි ඇතුළත් කිරීමට එකග වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න