පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරියට ඉක්මන් සුවය පතා ආශිර්වාද සෙත් පිරිත් පිංකමක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ බුදුමැදුර අසල දී සිදුකර ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ විසින් ඊයේ (15) නිකුත්කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.
ඊට අනූව ඇමතිවරිය ඇතුළු ලක්වාසී සහ ලෝකවාසී සියළු ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම අරමුණූ කොට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු සංගමය හා ප්‍රවාහන අංශයේ සංවිධානයෙන් මෙම පිංකම සංවිධානය කර තිබී ඇත.
මෙම ආශිර්වාද සෙත් පිරිත් පිංකමෙහි අනුශාසකත්වය දරා ඇත්තේ, මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනෙහි (ඔඩේ පන්සල) ස්වාමින්ද්‍රයන් වහන්සේලාය.
සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂතා නිලධාරින්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සෙත් පිරිත් පිංකම සිදුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
