චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට

චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට

විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන පත් කර ඇත.

වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.

මේ අතර රොෂාන් රණසිංහ  පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබේ. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේය.

රොෂාන් රණසිංහ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න