Language Switcher

Ad

Ad 01

V2025

මහනුවර වටපුළුව ''ටෙඩිස්කාසල්'' පාසලේ දරුවන්ට නව වෙබ් අඩවියක්

මහනුවර වටපුළුව ''ටෙඩිස්කාසල්'' විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ නව වෙබ් අඩවිය විවෘත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඊයේ සිදු කෙරිණි.

අධික‍්‍රියාශීලී, මනෝවික්ෂිප්තභාවය, ඉගෙනුම් දුබලතා යන ලක්ෂණවලින් පෙළෙන රටෙහි විවිධ ප්‍රදේශවල දරුවන්මෙමපාසලෙහිඉගෙනුමලබති. නව වෙබ්අඩවිය විවෘත කිරීම තුළින්මෙවැනි අවශ්‍යතාසහිත දරුවන්මෙම පාසල කරා යොමු කරවීමටත්,එහි තොරතුරු ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ලබාදීමටත්,ජාතික හා ජාත්‍යන්තර අවධානය පාසල කරා යොමු වීමටත් මෙමගින්  අපේක්ෂා කෙරේ.

රටේ අනාගත දිශානතිය ගොඩනංවන මේ මොහොතේ නවීන තාක්ෂණය ඒහා සම්බන්ධ කර ගැනීම අතිශය වැදගත්බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මෙහිදී පැවසීය.

මහනුවර මහ නගර සභාවේ විපක්ෂනායක සේන දිසානායක, වටපුළුව විශේෂ අවශ්‍යතාසහිත දරුවන්ගේ පාසලේ විදුහල්පතිනි හංෂනී චම්පිකා යන මහත්ම මහත්මීන්හුද මෙහිදී අදහස් දැක්වූහ