රේගුවටත් ජනාධිපති කොමිසමක් !

රේගුවටත් ජනාධිපති කොමිසමක් !

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ  වත්මන් තත්ත්වය අධීක්ෂණය කොට එහි ඵලදායිතාව නැංවීම නිර්දේශ කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත.

රේගුවට එරෙහිව නැගෙන චෝදනා සහ සිදු වෙතැයි සැලකෙන අක්‍රමිකතා වලක්වා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායිතාව නංවා ගැනීමට නංවා ගැනීමට නිර්දේශ නිකුත් කිරීම ද මෙම කොමිසමට පවරා ඇත.

දෙව කොමිසමේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි  ගුණරත්න පත්කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු , මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත , ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති KMM සිරිවර්ධන , ජේෂ්ඨ උපදේශක (වෙළඳ ) ආචාර්‍ය සනත් ජයනෙත්ති , ශ්‍රී ලංකා රේගුවේ  හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් PA ඩයස් ය.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Screenshot 20210224 182436

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න