නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් !

නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් !

අද (24) පැවති නීතීඥ සංගම් නිළවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති අතර  ඊට අනූව සභාපතිධූරය සඳහා තරග  කළ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.  

එහිදී ජනාධිපති නීතිඥ  සාලිය පීරිස් ඡන්ද 5093ක්ද, ජනාධිපති කුවේර ද සිල්වා ඡන්ද 2707ක්ද හිමි කරගෙන තිබේ.

 ඒ අනුව ජනාධිපති නීතිඥ  සාලිය පීරිස්  වැඩි ඡන්ද 2386ක් හිමි කර ගනිමින් සංගමයේ සභාපති ධූරයට පත්ව තිබේ.

නීතිඥ සංගම් නිලවරණයට පෙර  ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දේශද්‍රෝහියකු, නිරාගමික, ජාතිය පාවදුන්නෙකු ලෙස මඩ අවලාද ව්‍යාපාරයක් ගෙන ගියත් ඒ සියල්ල මඩ බවට අත්හැර නීතිඥයන් සාතිශය බහුතරයක් නිවැරැදි තීන්දුවක් ගෙන ඇත.

වඩාත් වෘත්තීයමය භාවයකින් නීතිඥ සංගමයේ සභාපති ධූරයේ කටයුතු කිරීමට අප ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ට සුබ ප්‍රාර්ථනා කරමු !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න