පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා

පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා

පෑලියගොඩ පොලීසියේ CI ලින්ටන් සිල්වා නිලධාරීන් 10 ක් සමඟ අවසන් වසරේ නීති සිසුවාට පහරදීලා නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන මිගාර ගුණරත්න ට පෑලියගොඩ පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී බරපතල ලෙස පහරදී තුවාල සිදු කර ඇත.

සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන ගිය අවස්ථාවේ දී පෑලියගොඩ පොලීසියේ ලින්ටන් සිල්වා සහ තවත් පොලිස් නිලධාරින් 10 දෙනෙකු විසින් පොළු සහ අතින් පයින් මෙම පහරදීම සිදු කර ඇත.

පෙබරවාරි 23 දින නීතිඥ චරිත ගුණරත්න  සිය සේවාදායකයෙකු අත්අඩංගුව ගැනීමෙන් පසුව පෑලියගොඩ පොලිස් ස්ථානයට ගොස් ඇත. එහි දී ලින්ටන් සිල්වා යන පොලිස් නිලධාරියා සිවිල් ඇදුමෙන් සහ සෙරෙප්පු දෙකක් දමාගෙන සේවාදායකයාට තර්ජනය කර ඇත. මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට පත්වී තිබූණි. ‘‘අනෙක් සැකකාරයොන්ට චෝදනා ගොඩක් තියෙනවා. ඒ සිද්ධියකට සම්බන්ධ කරලා තමුසේත් ඇතුලට දානවා යැයි‘‘ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා මෙහි දී පොලිස් නිලධාරියාට සිය විරෝධය පළ කර ඇත.

සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයාට ‘සාජන්‘ යැයි නීතිඥ චරිත ගුණරත්න විසින් අමතා ඇත. පසුව අනාවරණය වී ඇත්තේ ඔහු CI ලින්ටන් සිල්වා බවයි. ලින්ටන් සිල්වා විසින් නීතිඥ චරිත ගුණරත්නට බැන වැදුණු බවත් ඔහුගේ නීතිඥ හැඳුණුම්පත රැගෙන එහි විස්තර සිය සටහන් පොතෝ සටහන් කර ගත් බවත් නීතිඥවරයා පවසයි.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව පෙබරවාරි 25 දින චරිත ගුණරත්න නිතිඥවරයා ගේ උපදෙස් මත ඔහුගේ රුවට බොහෝ සමානකම් ඇති ඔහුගේ සහෝදරයා වූ නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න සැකකරුට ආහාර පැකට්ටුවක් රැගෙන පොලීසියට ගොස් ඇත. එහි දී පොලිස් නිලධාරීන් මිගාර ගුණත්නට ‘මෙතන ප්‍රශ්න ඇතිකළේ තමුසේ නේදැයි‘‘ යි අසා පහර දී ඇත. කෙසේ නමුත්, පහරදෙන අතර මිගාර ගුණරත්න යනු හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුතා බව කිසිවෙකු විසින් පොලීසියට පවසා ඇත. ඒ සමඟම පොලිස් නිලධාරීන් මොහු අංක එන්ඊ 0825 දරණ පොලිස් ජීප් රථයෙන් රැගෙන ගොස් නැවත පහර දී ඇත.

සිද්ධිය සමතයකට පත් නොවන්නේ නම් රාජකාරියට බාධා කිරීම යටතේ අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය මිගාර ගුණරත්නට තර්ජනය කර ඇත. බරපතල තුවාල සහිතව රාගම රෝහළ වෙත ඇතුළත් කළ මිගාර ගුණරත්න ට ටිකට් කපා රෝහලෙන් පිට කිරීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඒ සමඟම, තුවාලකරුගෝ තත්වය පිළිබඳවත් පොලීසියේ බලපෑම පිළිබඳවත් වෛද්‍යවරුන් විසින් සටහන් තබා ඇත.

පොලීසියක් තුල සිදුවන පහරදීම්, පොලිස් නිලධාරින් විසින් සිදු කරන පහරදීම් බොහෝමයක් අවසන් වන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ වෙනත් අපරාධ චෝදනාවක් සැකකරුවන්ට එරෙහිව ගොනු කිරීමෙනි. නීතිඥයින්ට තර්ජනය කිරීම හා පහරදීම දක්වාම තත්වය වර්ධනය වීම මිලේච්ඡ තත්වයකි.

{gallery}migara{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න