මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ දී

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනට දැනුම් දුන්නේය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය වීමයි.

ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්ත්‍රියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු එක් වේ.

උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකිත්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමි, මල්වතු පාර්ශවයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේන් රාඝවන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහත්වරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න