පළිගැනීමේ කොමිසමට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක් !

පළිගැනීමේ කොමිසමට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක් !

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා ජනතා  නීතිඥයෝ  සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ලිඛිත පැමිණිල්ල ඊයේ (01) සිදුකර ඇති අතර ඊට නාමල් රාජපක්ෂ, සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා එක්ව ඇත.

2015 ජනවාරි 08 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත්ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම නීතීඥවරුන්  සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157/44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති.

අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය, ස්වාධිපත්‍ය බලය සහ ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව නීතිඥ නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහත වීඩියෝවේ දැක්වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න