ගම සමග පිළිසඳරේ ප්‍රශ්න ඇහුවාට පොහොට්ටු සභාපති පහරදීලා !

ගම සමග පිළිසඳරේ ප්‍රශ්න ඇහුවාට  පොහොට්ටු සභාපති පහරදීලා !

කරුවලගස්වැව ප්‍රාදේීශය සභාවේ සභාපතිවරයා විසින් පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (1)ප්‍රදේශයේ විරෝධතාවක් පවත්වන ලදී,

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පෙබරවාරි 22 වැනිදා ගම සමග පිලිසඳර වැඩසටහන යටතේ කරුවලගස්වැව පැවති වැඩ සටහනේ හදිසියේ ප්‍රශ්නයක් නගමින් ප්‍රාදශීය සභාවේ සභාපති අමාරුවේ දැමු අයකුට එම සභාපතිවරයා පහරදී ඇත.

මෙම වැඩසටහනේදී ප්‍රශ්න ඇසීමට ඉඩ ලබා දෙන්නේ කල් තියා සූදානම් කරන පිරිසකටය. ඒ අනුව, තබ්බෝව ප්‍රදේශයේ විසය කරන විශ්‍රාමික හමුදා නිලධාරියකු තමන්ගේ ගැටළුවක් ඉදිරිපත් කිරීමට සංවිධායකයන්ගෙන් අවසර ඉල්ලා ඇත. එහෙත් ඊට අවස්ථාව ලබාදීමට ඔවුන් සූදානම් වී නැත.

මේ නිසා ජනාධිපතිවරයා ප්‍රදේශයේ ප්‍රශ්න සම්බන්ධ කල් තියා සූදානම් කළ ප්‍රශ්න විමසන අවස්ථාවේදී ඔහු කෑ ගසා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය ඉල්ලා ඇත. එහිදී ජනාධිපතිවරයා ඔහුට ඉඩ දෙන ලෙස හා මයික්‍රෆෝනය ලබා දෙන ලෙස සංවිධායකයන්ට දන්වා ඇත. ඒ අනුව, තමන් යාබද ගමක පදිංචිකරුවකු වන විශ්‍රාමික සෙබළකු බවද දැනට ත්‍රිරෝද රියක් පදවමින් ජීවිකාව ගෙනයන බවද දන්වමින් අදාළ පුද්ගලයා සිය ගැටලුව ඉදිරිපත්කර ඇත. ඔහු පවසා අති ආකාරයට ප්‍රදේශයේ මාර්ගයක් වසර 20ක් තිස්සේ පිලිසකර කර නොමැති අතර ප්‍රාදශීය සභාවට කළ ආයාචනාවලින් පලක් වී නැත.

මේ බව ප්‍රකාශ වීමෙන් පසුව ජනාධිපතිවරයා ඒ කරුණු සම්බන්ධ කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේන විමසා ඇත. ඒහිදී ඔහු පිලිතුරු දෙමින් දැනට ඒ මාර්ගයේ බොරලු යොදාද පිලිසකර කිරීම් සිදුකර ඇති බව පවසා තිබේ. ඒහිදී විශ්‍රාමික සෙබළා කතා කරමින් ඒ ප්‍රකාශය අසත්‍යයක් බවට කරුනු දක්වා ඇත.

මේ ආකාරයෙන් තමන් ප්‍රසිද්ධියේ අවමානයට හා ජනාධිපතිවරයා හමුවේ බොරුකාරයකු බවට සනාථකළ පුද්ගලයාගෙන් පලිගැනීඹට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඊයේ කටයුතුකර ඇත. ඔහු විසින් අදාළ ප්‍රශ්නය විමසූ පුද්ගලයාට පහර දීම නිසා තුවාල ලැබීමෙන් රෝ්හල්ගතකර ඇත.
අද මෙම පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් විරෝධතාව කැඳවා තිබිණි.

lanka views 

karuwalagaswewa protest1

karuwalagaswewa protest

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න