පළාත් සභා ජන්දය - ශ්‍රීලනිපය අලුත් ක්‍රමයට : පක්ෂ අතර විවිධ මත !

පළාත් සභා ජන්දය - ශ්‍රීලනිපය අලුත් ක්‍රමයට : පක්ෂ අතර විවිධ මත !

ඉදිරි පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට අනුව පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර සඳහන් කළේ, ඒ පිළිබඳ සාකච්ජා කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 30 වැනි දා රැස්වන බවයි.

මේ අතර දැනට මහජන නියෝජිතයින්ගෙන තොරව ක්‍රියාත්මක වන පළාත් සභා සක්‍රීය කිරීම සඳහා මැතිවරණය නව හෝ පැරණි යන ක්‍රමන ක්‍රමයකට හෝ කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ මතය වී තිබේ.

එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම්  සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගනු ලබන ඕනැම තීරණයකට තම පක්ෂය එකඟ බවයි.

මේ අතර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමවේදයට පැවැත්වීම සිය පක්ෂයේ බහුතර මතය බව සමගි ජන බලගවේගය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න