උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිත මාධ්‍යවේදීන් වෙත ආරක්ෂක අංශ විසින් දිගින් දිගටම බලපෑම් එල්ලකරන බව වාර්තා වෙයි.
ආසන්නතම සිදුවීම ඊයේ (17) වාර්තා වූ අතර ඒ මඩකලපුව නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන පුණ්‍යමුර්ති ශෂිදරන් වෙතයි.
ඊයේ මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ අපරාධ ඒකකයට කැඳවා ඇති පුණ්‍යමුර්ති ශෂිදරන් මාධ්‍යවේදියාට "තමුන් ගැන තොරතුරු ලැබිලා තියෙන්නේ , ඒ නිසා පරිස්සමෙන් ඉන්න " යනුවෙන් තර්ජනාත්මකව පවසා ඇති බවත් වාර්තා වෙයි.
එහිදී පුණ්‍යමුර්ති ශෂිදරන් මාධ්‍යවේදියා වෙතින් පොලිසිය, ඔහු දමිළ ඩයස්පෝරාව සමඟ එක්වී ආණ්ඩුවේ නම කැත කරනවාද ? LTTE සංවිධානය සමඟ සම්බන්ධතා තිබෙනවාද ? අතුරුදහන්වුවන්ගේ සංවිධානයේ ලේකම් තනතුරක් ධරනවාද ? යනුවෙන් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්නකර ඇති බවත් වාර්තා වෙයි.
මෙහිදී මාධ්‍යවේදියා පවසා ඇත්තේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, තමන් මාධ්‍යකරණය හැර වෙනත් කිසිඳු කටයුත්තක නිරත නොවන බවයි. එසේම තමන් සම්බන්ධව ප්‍රශ්න කිරීමට ඇත්නම් නිවසට පැමිණ අම්මා තාත්තා බය නොකර සෘජුව කැඳවන ලෙසත් ඔහු පොලිසියෙන් ඉල්ලා ඇත.
පොලිසිය "තමුන් ගැන තොරතුරු ලැබිලා තියෙන්නේ , ඒ නිසා පරිස්සමෙන් ඉන්න " යනුවෙන් අවධාරණය කර ඇත්තේ එහිදීයි.

