නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත්කරන " මාධ්‍ය නිදහස: 2021 පෙබරවාරි නිරීක්ෂණ වාර්තාව" මේ වන විට නිකුත් කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ, Media Freedom Rights Monitor මාසික වාර්තාව යනු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් 2021 වර්ෂයේ ජනවාරි මස සිට, මාසිකව නිකුත් කිරීමට බලාපොරොත්තු වන මාසික වාර්තා මාලාවක් බවත් ඒ ඒ මාසය තුළ මාධ්‍ය නිදහසට බලපානු ලබන සිදුවීම් වාර්තා කිරීමක් සහ කෙටි සමාලෝචනයක් වාර්තාවට ඇතුළත් වන බවයි.
Media Freedom Rights Monitor වාර්ෂික වාර්තාවක් ද නිකුත් කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ සඳහන් අතර එමඟින් මාධ්‍ය නිදහස කෙරෙහි බලපෑ විවිධ සාධක පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරනු ඇති අතර 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව 2021 මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදි නිකුත් කිරීම අපේක්ෂාව බවත් සඳහන්ය.
තවද මෙම වාර්තා සම්පාදනයේදි මාධ්‍ය නිදහස පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන විසින් කලින් කළ නිකුත් කොට ඇති ප්රකාශනයන්, දේශීය සහ විදේශීය අධිකරණ තීන්දු සහ මාධ්‍ය නිදහස හා මානව අයිතිවාසිකම් පිළිබඳ ජගත් ප්රඥාප්තීන් ආශ්රයෙන් සකස් කරගත් දර්ශක උපයෝගි කොට ගන්නා බවත් එහි සඳහන් කර ඇත.

