ප්‍රමිති ආයතනයේ සමාදර අනුග්‍රහය ? : බේබි ඔයිල් - හෙයා ඔයිල් වල පෙට්‍රෝලියම් තෙල් !

ප්‍රමිති ආයතනයේ සමාදර අනුග්‍රහය ? : බේබි ඔයිල් - හෙයා ඔයිල් වල පෙට්‍රෝලියම් තෙල් !

Baby Oil  ලෙස 100% ක් පෙට්‍රෝලියම් තෙල් භාවිතා කිරීමට ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රමිතිය සකස්කර දීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මේ සම්බන්ධව  පාරිභෝගික ආරක්ෂක බලකාය චෝදනා ඉදිරිපත්කර සිටියි.

මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ජනාධිපතිවරයා යටතේ ඇති SLS ආයතනය මෙවැනි ක්‍රියා සිදුකරදීමට ඉඩදෙමින්  ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කටයුතු කරන්නේ වත්මන් රජය සහ ජනාධිපතිවරයා අප්‍රසාදයට ලක්කිරීමට කරන කුමන්ත්‍රණයක්ද යන්න සම්බන්ධව සැකසහිත බවයි.

මීට අදාළව පාරිභෝගික ආරක්ෂක බලකාය සිදුකරන අනාවරණය අනුව දරු සිඟිත්තන්ගේ හිසේ සිට දෙපතුළ දක්වා ගලවන බේබි ඔයිල්  සහ අප හිසේ ගලවන හෙයා ඔයිල් සඳහා  100 %ක් දක්වා පෙට්‍රෝලියම් තෙල් (මිනරල් ඔයිල් ) භාවිතා කෙරන අතර ඒ සඳහා වන අවස්ථාව SLS ආයතනය නිකුත් කරන SLS  ප්‍රමිතීන් අනුව ඒ සඳහා බහුජාතික සමාගම් වලට අවස්ථාව විවර කරදී තිබෙන බවටත් ඔවුන් චෝදනා කරයි.

ජනාධිපතිට - සභාපතිට අත්සන් 10000 ක පෙත්සමක් දුන්නා !

මේ සම්බන්ධව පාරිභෝගික ආරක්ෂක බලකායේ ක්‍රියාකාරිකයකු වැඩිදුරටත් මෙසේ තොරතුරු අනාවරණය කර සිටියේ මේ ආකාරයටය.

“ අපි පාරිභෝගික ආරක්ෂක බලකාය විදියට SLS 1220 : 2001 ප්‍රමිතියේ SDBS රසායනිකයට ඉඩදීමෙන් පාරිභෝගිකයාට සිදුව ඇති හානිය ගැන රටට හෙළිදරව් කළා. එම ඇස් වලට හානිකර රසායනිකය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිට පවා අත්සන් 10000 ක පෙත්සමක් ඉදිරිපත් කළා. එහි පිටපතක්‌ SLS ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරාටත් යොමුකලා.

ඒ පසුබිමේ තමයි, මේ අනාවරණයත් සිදුකරන්න වෙලා තියෙන්නේ. බහුජාතික ව්‍යාපාරිකයන්ගේ ලාභ වැඩිකරගන්න ගන්නා උත්සාහයන් රැකදීමට සැදී පැහැදී ඉන්න ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න ගේ අත්තනෝමතික තීරණ නිසා අදටත් අපේ රටේ ජනතාව රෙදි සෝදන කුඩු අමුද්‍රව්‍ය වලින් නාවන්න යුනිලීවර් සමාගම කටයුතු කරමින් ඉන්නවා.

නොදැන ගාන පෙට්‍රෝලියම් !

දැන් මේ අනාවරණය දරුවන්ගේ හිසේ, ශරීරයේ ගලවන  සහ අපේ හිසේ ගල්වන සඳහා 100 %ක් දක්වා පෙට්‍රෝලියම් තෙල් භාවිතා කරන බවටයි. මේ නිෂ්පාදන සඳහා භාවිතා කරන පෙට්‍රෝලියම් තෙල් නිෂ්පාදන ජනතාව මුලා කිරීම සඳහා මිනරල් ඔයිල්, පෙට්‍රෝලාටම් , වයිට් ඔයිල්, ලික්විඩ් ෆැරෆින් වගේ නම් ඇතැම් නිෂ්පාදකයන් භාවිතා කරනවා.

SLS ආයතනයේ නිකුත්කර ඇති SLS ප්‍රමිතීන් අනුව බේබි ඔයිල්  සඳහා SLS 1191 සහ හෙයා ඔයිල්  සඳහා SLS 1341 යන ප්‍රමිතීන් නිකුත්කර තිබෙනවා. එය Type 1, Type 2 සහ Type 3 ලෙස කොටස් 3 කට බෙදා තිබෙනවා.

baby

hair

හැදිච්චකමේ නොහැදිච්ච වැඩ !

SLS ආයතනය මේ විදියට ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන්ව රවට්ටන්න ඉඩදීලා. ඒ පසුබිමේ Hair නිෂ්පාදකයකු “ හැදිච්චකමක් “ ගීතයක් භාවිතා කරමින් ඉතාමත් නොහදිච්ච ක්‍රියාවලියක නිරත වෙනවා. ඔවුන් පෙට්‍රෝලියම් තෙල් යොදා ඇති කුමාරිකා නම් Hair 100 % ස්වාභාවික යයි ප්‍රචාරය කරනවා. එයට SLSI ආයතනය SLS සහතිකයත් දීලා.

මෙහි ඇති විශාලම වංචාව වෙන්නේ Hair සඳහා භාවිතා වන පොදු SLS අංක 1341 වන අතර එය Type 1, Type 2 හෝ Type 3 ලෙස නම්කර නෑ . SLS ආයතනය ඒ සඳහා යම් හේතුවක් උඩ ඉඩපහසුකම් සලසාදීමක් මෙහිදී පෙන්නුම් කිරීම.

දැන් අපිට ප්‍රශ්නයක් ජනාධිපතිගේ යටතේ තිබෙන ආයතනයක වෙන මේ සිදුවීම. සභාපති නුෂාඩ් පෙරේරා මොකද කරන්නේ? මේ ප්‍රශ්නය අපිට අහන්න වෙන තැනක් නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න