ජනපති නිවේදනය නොතකයි : පළාත් සභා එපා කියමින් ආණ්ඩුව ඇතුළෙන්ම බාල්දියක් !

 ජනපති නිවේදනය නොතකයි : පළාත් සභා එපා කියමින් ආණ්ඩුව ඇතුළෙන්ම බාල්දියක් !

කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිවේදනයක් පවා නිකුත් කෙරුණත් ආණ්ඩුව නියෝජනය කරන ජාතිකවාදී සහ ජාතිවාදී පිරිස් ඊට විරෝධය දැක්වීම ආරම්භ කර ඇත.

එම විරෝධය දක්වන පිරිස් අතර පොදුජන පෙරමුණ ආණ්ඩුවක් බලයට ගෙන ඒම වෙනුවෙන් කැපවූ භික්ෂූන්ද සිටියි.

ඒ අනුව නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බවය.එසේම සංඝරත්නයේ  විරෝධය නොතකා පළාත් සභා මැතිවරණය පැවැත්වූවහොත් ගෙයින් ගෙට ගොස්  එම සටන අසාර්ථක කරවන්නට දැනටමත් සංවිධානය වී සිටින බවද ආනන්ද හිමි පවසන අතර ඒ විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින්ය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීත් විරුද්ධයි !

මේ අතර පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ගෙවිඳු කුමාරතුංග පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනවරමට විරුද්ධ බවය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇති බවයි.පලාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පවතින මැතිවරණ ක්‍රමය යෝජිත නව ව්‍යවස්ථාව අනුව වෙනස් කළ යුතු බවද එසේ නැතිව මැතිවරණය පැවැත්වීම ජනවරමට අනුකූල නොවන බවද ඔහු කියා සිටී.

නව ව්‍යවස්ථාව සකස් කිරීමේ දී 13 සංශෝධනය ඇතුළත් මූලික කරුණු කිහිපයක් ගැන නැවත සලකා බැලීම උදෙසා ජනවරම ලැබී ඇති බවද ඔහු මාධ්‍ය  දක්වමින් පවසා ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගියදා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධව නිවේදනය කිරීමට පෙර ඒ සම්බන්ධව බැසිල් රාජපක්ෂ අදහස් දක්වා තිබු අතර එහිදීද මේ ජාතිවාදී - ජාතිකවාදී පාර්ශව ඊට දැඩි විරෝධයක් දැක්වීය. ඒ අවස්ථාවේදී පළාත් සභා පැවැත්වීමේ උනන්දුව ආණ්ඩුව යටපත් කරගත් අතර මේ අවස්ථාවේ ජනාධිපති නිවේදනය කර ඇති නිසා සිදුවන්නේ කුමක්ද යන්න කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න