අල්ලස් කොමිසම චෝදනා පත්‍රය හකුළාගෙන : ඇමති රෝහිත නිදහස් !

අල්ලස් කොමිසම චෝදනා පත්‍රය හකුළාගෙන : ඇමති රෝහිත නිදහස් !

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ නියෝගකර ඇත.

අද (19) දින  අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට දන්වා ඇත්තේ  අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු නොකරන බවය. මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව නිකුත්කර ඇත්තේ ඒ අනුවය.

2014 – 2016 කාල සීමාව තුළ අමාත්‍ය ධුරය දැරූ සමයේ සිය වත්කම්වලින් උපයා ගැනීමට නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න