ඇමරිකාවේ ද්විත්ව පුරවැසිකම දරන, ද්විත්ව පාස්පෝර්ට් තියෙන අය මානව හිමිකම් සැසිය ආවම ව්‍යාජ දේශප්‍රේමීන් වෙන බවත් රටතුළ මානව හිමිකම් ආරක්ෂා කළොත් ලංකාවට පක්ෂව රටවල් බොහොමයකින් ඡන්දය ලබාගන්න හැකියාව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි.
ඔහු මේ අදහස් දක්වා සිටියේ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මෙසේද පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මානව හිමිකම් කොමිෂන් සභාව 60-252 කියන යෝජනාවෙන් ස්ථාපිත කර තිබෙනවා.
මෙයට නියෝජිතයන් පත්කරන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඍජු රහස්‍ය ඡන්දයකින්.
මහා මණ්ඩලයේ සිටින රටවල් 193ටම මේ සඳහා ඉදිරිපත් වෙන්නත් ඡන්දය ලබාදෙන්නත් පුළුවන්. මේ අනුව රටවල් 47ක් වසර තුනක කාලයකට සාමාජිකයන් බවට පත්වෙනවා. ලෝක මානව හිමිකම් කොමිසම 2006දී පිහිටුවීමේදී රටවල් 117ක් ඡන්දය ලබාදුන්නා.
ඒ රටවල් අතර ශ්‍රී ලංකාවත් ඉන්නවා. මෙම කවුන්සිලයට ලෝකයේ සෑම කලාපයකින්ම මහද්වීප සියල්ලම නියෝජනය වන පරිදි රටවල් 47ක් තේරී පත්වෙනවා. මේ සාමාජික සියලුම රටවල්වල මානව හිමිකම් සම්බන්ධව නිරීක්ෂණයන්වලට මැදිහත්වී වාර්තා ලබාදෙනවා.
මුලික යෝජනාවෙන් හැර අනෙක් සියල්ලෙන් ලංකාව පරාදයි ! ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගන්නේ 2009 මැයි 26 වැනිදා S 1/11 කියන යෝජනාවෙන්. එවකට සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ජාත්‍යන්තර මානුෂීය නීති හා මිනිස් අයිතීන් උල්ලංඝනයවී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට එකඟවී තිබෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමට එකඟවීම නිසා ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ යෝජනා 2012 සිට එන්න පටන් ගන්නවා.
2012දී 2/19, 2013දී 2/23, 2014දී 1/25, 2015දී 1/30, 2017දී 1/37, සහ 2019දී 1/40 වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව විශේෂ යෝජනා විවිධ රටවල්වලින් ඉදිරිපත් කර තිබෙනවා. 2009 යුද්ධය අවසන් වෙලා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වුණු මූලික යෝජනාව හැරුණාම අනෙක් සියලුම යෝජනා ලංකාවට විරුද්ධව ඉදිරිපත් කළ ඒවා. ඒ යෝජනා ගණනාවකින් ලංකාව පරාජයට පත්වෙලා තියෙනවා. 2015 ඉදිරිපත් කළ යෝජනාවට ලංකාව අනුග්‍රහය දැක්වීම නිසා ඡන්ද විමසීමක් අවශ්‍ය වුණේ නැහැ.
ද්විත්ව පාස්පෝර්ට් සහිත පුද්ගලයන් ජිනීවා ප්‍රශ්නය ආවම දැවැන්ත ජිනීවා විරෝධීන් වෙනවා !
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය නියෝජනය කරන රටවල් 41ක් අත්සන් කරලා පසුගිය මාර්තු 16දා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව මාර්තු 23දා ඡන්දය විමසනවා. යෝජනාවේ ඉදිරිපත් කර තිබෙන කරුණුවල හරි වැරැද්ද නෙවෙයි යෝජනා ඉදිරිපත් කර තිබෙන පසුබිම ගැන සලකා බලන්න ඕනෑ. මේ ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශාල ජනමාධ්‍ය ජාලය ආණ්ඩුවේ බල ව්‍යාපෘතියට අනුව මේ පිළිබඳවත් තොරතුරු වාර්තා කරනවා. උදාහරණයක් හැටියට ජනාධිපති ධුරයට ඉල්ලන්න පෙර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ද්විත්ව පුරවැසියෙක්. ජනාධිපතිවරණයට ඉල්ලද්දිත් එය අහෝසිකර ගෙන තිබුණේ නැහැ කියන එකයි අපට තිබෙන විශ්වාසය. ඔහුගේ බිරිඳ සහ පුතා දැනුත් ඇමෙරිකානු පුරවැසියන්. ඔවුන්ගේ නායක බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකන් පුරවැසිභාවය තවමත් දරනවා. ඒ පුරවැසිභාවය ඉවත්කර නොගෙන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ඊට ගැලපෙන ආකාරයට වෙනස් කළා. හැමවිටම විදේශ රටවල්වලට පක්ෂග්‍රාහීව කටයුතු කරන ද්විත්ව පුරවැසිභාවය දරන පුද්ගලයන් ද්විත්ව පාස්පෝර්ට් සහිත පුද්ගලයන් ජිනීවා ප්‍රශ්නය ආවම දැවැන්ත ජිනීවා විරෝධීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරුද්ධ පුද්ගලයින් වෙනවා.
දැන් යෝජනාවල තියෙන්නේ යුද්ධයෙන් පසු ගතවුණු කාලය සම්බන්ධ කරුණු !
දැන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට පෙර ඉදිරිපත් කළ යෝජනාවල තිබුණේ 2009යේ යුද්ධය සම්බන්ධ කාරණා. නමුත් අද අවුරුදු 12කට පස්සේ ඉදිරිපත් කර තිබෙන යෝජනාවල වැඩිපුරම අඩංගු වෙන්නේ යුද්ධයෙන් පසු ගතවුණු කාලය සම්බන්ධ කරුණු. ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීම වැනි කරුණු. මෙය සහමුලින්ම යුද්ධය සම්බන්ධ යෝජනාවලියක් නොවන බව අවධාරණය කරන්න ඕනෑ. ජනවාරි 12වැනිදා ජනාධිපතිවරයා විසින් මේ දක්වා පත්කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවල සියලුම වාර්තා පරීක්ෂා කරන්න වෙනම කොමිෂන් සභාවක් පත්කරනවා. කොමිෂන් ගැන කොමිෂන් එකක්. මේ මානව හිමිකම් යොජනාවලියේ ජනාධිපතිවරයාගේ කොමිෂන් ගැන කොමිසම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. ජිනීවාවලට ගිහිල්ලා මොනවා හරි කියන්න ඕන නිසා පත්කළ කොමිෂන් එකක් මේක.
ඔවුන් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු 5ක් තිබෙනවා. එකක් තමයි මෙරට මානව හිමිකම් කොමිෂන් සභාව දුර්වල කිරීම, බිඳ වැට්ටීම පිළිබඳවයි. එහි වර්තමාන සභාපතිවරයා විදේශ රාජ්‍ය අමාත්‍යවරයාගේ පියා නිසා ස්වාධින කොමිෂන් සභාවක භූමිකාව ඉටුකරන්න බැහැ කියන එක කාටත් පැහැදිලියි. දෙවැන්න රටතුළ සිදුකරන හමුදාකරණය පිළිබඳ ගැටලුවයි. තුන අධිකරණයට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය විසිවැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා අත්පත්කර ගැනීම පිළිබඳවයි. හතර මේ වන විට අධිකරණයේ පවතින නඩුවලට දේශපාලන මැදිහත්වීම. හොඳම උදාහරණය කැකිල්ලේ කොමිසමයි. පස්වැන්න සමාජ ක්‍රියාකාරිකයන්ගේ තොරතුරු සෙවීම, මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම පිළිබඳව සඳහන් වෙනවා. ඊට අමතරව මුස්ලිම් ජනතාවගේ කෝවිඩ් මරණ ආදාහනය පිළිබඳ ගැටලුව ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳව කොමිසම ගරා වැටීමට ලක්කිරීම පිළිබඳවත් අමතර කරුණක් හැටියට සඳහන් කර තිබෙනවා.
කැකිල්ලේ කොමිසමේ සභාපතිගේ කෙරුවාව !
කැකිල්ලේ කොමිසමේ සභාපතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බව දන්වා තිබුණා. නමුත් මේ කැකිල්ලේ කොමිසමේ සභාපතිවරයාම අධිකරණයේ විභාගවෙමින් පවතින නඩු 79ක් සම්බන්ධයෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කරන්න නියම කර තිබෙනවා. ඒ වගේම ඒ චූදිතයන් සම්බන්ධයෙන් ක්‍රියාකළ පැමිණිලිකරුවන්ට නඩු දාන්න කියලා ඔහු නිර්දේශකර තිබෙනවා. කැකිල්ලේ කොමිසමේ හිටපු සභාපතිවරයා වර්තමාන අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ සභාපති වීම බරපතළ තත්වයක්. කප්පම් ගැනීමට තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරස්පර විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් සලකා බලා තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පත්කරන ලංකාවේ මානව හිමිකම් කොමිසමට ඉතාමත්ම ක්‍රියාශීලී පුද්ගලයෙකු පත්කළ යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවට ඇතුළත් වෙනවා. ඒවගේම ලංකාවේ දෙපාර්තමේන්තු 28කට හිටපු හමුදා නිලධාරීන් පත්කර තිබෙනවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පවා හිටපු හමුදා ප්‍රධානියෙක්. සිවිල් ආයතන හමුදා කරනය කිරීම ලෝකයේ රටවල් පිළිගන්නේ නැති දෙයක්. සිවිල් කටයුතු කිරීමේදී යම් ගැටලු ඇතිවිය හැකි බව හමුදා නිලධාරීන් පවා පිළිගන්නා දෙයක්. දැනට හිටපු හමුදා ප්‍රධානීන් පත්කළ ආයතන දියුණු වෙලා නැහැ. එසේ තිබියදී දැනට වැඩකරමින් ඉන්න හමුදා නිලධාරීන් 25දෙනෙකු දිසාපති හා සමාන්තරව පත්කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නිල රාජකාරිය පවා හමුදා නිලධාරීන්ට භාරදී තිබෙනවා. සමහර ස්ථානවල හමුදා ප්‍රධානියා දිසාපතිට වඩා ඉහළ භූමිකාවක් පටන්ගෙන තිබෙනවා. සමාන්තර හමුදා පරිපාලනයක් දැන් ස්ථාපිත කරලා අවසානයි.
රාජපක්ෂ පාලනය ඔප්පු කරමින් තිබෙන්නේ ස්වාධීන අධිකරණ පද්ධතියක් නෑ කියන එකයි !
අධිකරණයට බලපෑම් කිරීම වෙනුවෙන් පත්කළ කැකිල්ලේ කොමිසමේ නිර්දේශයක් අනුව චුදිතයන් 79 දෙනෙකු නිදහස් කරන්න ලබාදුන් වාර්තාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ නිසා දැන් කැකිල්ලේ කැබිනට් මණ්ඩලයකුත් තිබෙනවා. මේ නිර්දේශ නීතිපතිට යවලා චූදිතයන් 79 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමේ ක්‍රියාවලිය තුළ රාජපක්ෂ පවුලේ ප්‍රභූන් ඇතුළු ඔවුන්ගේ සමීපතමයන් ඉන්නවා. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ චූදිතයෙකු ජනාධිපති කොමිසමේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලයක් අනුමත කර නඩුවකින් නිදහස් කරනවා නම් අවම ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙන බව කියන්නේ කොහොමද? ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන රටවල්වලට මේ කරුණු නිශ්චිතවම අදාළ වෙනවා. ඒ නිසා රාජපක්ෂ පාලනය ඔප්පු කරමින් තිබෙන්නේ ස්වාධීන අධිකරණ පද්ධතියක් නෑ කියන එකයි.
අල්ලස් කොමිසමේ සඡින් වාස් මහත්තයාට විරුද්ධව බරපතළ දූෂණ චෝදනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අල්ලස් කොමිසම ආවාට ගියාට නඩු දාන්නේ නෑ. අවුරුදු ගණනකට ඉස්සර සඡින් වාස්ට විරුද්ධව ගොනුකර තිබූ චෝදනා ඉල්ලා අස්කර ගැනීම දේශපාලන ප්‍රභූන්ට සම්බන්ධ දූෂිතයන් නිදොස් කොට නිදහස්කර ගනිමින් ඉන්නවා. අධිකරණයට විතරක් නෙවෙයි අල්ලස් කොමිසමටත් ඇඟිලි ගහලා. අධිකරණයේ පත්කිරීම් ස්වාධීනත් නැහැ. ඒ වගේම විභාගවෙමින් පවතින නඩුවලට අදාළව තමන්ට හිතවත් අය නිදහස් කර ගැනීමත් සිදුවෙනවා. මේවා යුද්ධයට සම්බන්ධ කාරණා නොවෙයි. වර්තමාන පාලනය තම දේශපාලන බලය අනීතිකව පවත්වාගෙන යන්න ඔවුන් මේ වෙන විට කරන දේවල් සාධාරණීකරණය කර ගන්න සියලුම ආයතනවලට බලපෑම් කරනවා. ජිනීවා යෝජනා ආවම යුද්ධය, බෙදුම්වාදී දේවල් ජනතාවට පෙන්වනවා. ඒ අතර නැවත වතාවක් සමාජ ක්‍රියාකාරිකයන් සහ මාධ්‍යවේදීන් මර්දනයට රටේ ඉහළම තැන්වලින් ප්‍රධාන මාධ්‍යවේදීන්ට කතා කරලා තර්ජනය කරනවා.
භාග්‍යා දියණිය යුද්ධයට සම්බන්ධ දේවල් කියලා නැහැ !
අවුරුදු 19ක උසස් පෙළ දියණියක් වුණු භාග්‍යා එයාගේ ඇස් දෙකට දකින දේ කියනවා. ඊට පස්සේ පොලිසිය, වනජීවී නිලධාරීන් විනාශ කළ කැලය පසුකරගෙන ගිහින් ඒ දියණියගෙන් ප්‍රශ්න කරනවා. කැලේ කපන මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. මේකෙන් දෙන පණිවිඩය “උඹලා කට වහගෙන හිටපල්ලා” කියන එක. ඇස් කන් පියාගෙන හෘද සාක්ෂිය නිහඬ කරගෙන ඉන්න කියන එක. පුංචි දරුවෙකුට තමන් දකින ඇත්ත කතා කරන්න නොදීම, ජිනීවාවලට යෝජනා ඉදිරිපත් කරන කණ්ඩායම්වලට පන්දුව ඔසවා දීමක්. මේ කිසිවක් යුද්ධයට අදාළ දේවල් නෙවෙයි. භාග්‍යා දියණිය යුද්ධයට සම්බන්ධ දේවල් කියලා නැහැ.
පසුගිය 2021 මාර්තු 12දා ඉතාම භයානක ගැසට් නිවේදනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර තිබෙනවා. එයට අනුව යම්කිසි පුද්ගලයෙක් අන්තවාදී අදහස් දරනවා කියලා පොලිසිය හෝ ආණ්ඩුව හිතනවා නම් පුනරුත්ථාපනය කිරීම සඳහා අවුරුද්දක් රඳවා තබා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නම් නඩු නැතිව තවත් මාස හයේ ඒවා දෙකක් පුනරුත්ථාපනයේ තබන්න පුළුවන්. මේවා කරන්නේ උසාවි තීන්දුවකින් තොරව. ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි ජාතික අන්තවාදයට, ආගමික අන්තවාදයට සහ අනෙක් ඕනෑම අන්තවාදයකට විරුද්ධයි. අන්තවාදය නැති කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය, සංහිඳියාව, සහජීවනය සහ සමානාත්මතාවය ඇති කිරීමෙන්. ඒ තත්වය තුළ යම් කණ්ඩායමක් අන්තවාදය පතුරුවනවා නම් ඔවුන් හුදකලා කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකි වෙනවා. එහෙම නොකර අන්තවාදයට තවත් අන්තවාදයකින් උත්තර දෙන්න ගියොත් මුළු ප්‍රජාවක්ම විනාශයට යන්න පුළුවන්. නමුත් මේ ගැසට් එකෙන් ආණ්ඩුවට විරුද්ධ යැයි හැඟෙන ඕනෑම අයෙක් අන්තවාදියෙක් කරන්න පුළුවන්. ජනාධිපතිවරයා ලංකාගමට ගිය අවස්ථාවේ “පරිසර අන්තවාදීන් එක්ක මුකුත් කරන්න බැහැ.” කිව්වා. මේ ගැසට් එකට අනුව මේ පරිසර අන්තවාදය කියලා ආණ්ඩුව හිතන අයවත් අවුරුදු දෙකක් පුනරුත්ථාපනයට යවන්න පුළුවන්. කෙනෙක් අන්තවාදීද නැද්ද කියලා තීරණය කරන්න ආණ්ඩුවට මොන අයිතියක්ද තියෙන්නේ ?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොහෝ දෙනෙකුට නඩු පවරලා තියෙන්නේ වෙනත් කරුණු සම්බන්ධයෙන්. මෙයින් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ ඇත්ත උවමනාව ඔවුන්ට විරුද්ධව කතා කරන පුද්ගලයන් දඩයම් කරන එක බවයි. මේ ගැසට් එක ඉතාම භයානක අන්තවාදය වැඩිකරන එකක්. කෙනෙක් අන්තවාදීද නැද්ද කියලා තීරණය කරන්න ආණ්ඩුවට මොන අයිතියක්ද තියෙන්නේ. මැති ඇමතිවරු තරම් අන්තවාදී අදහස් වෙන අය කියන්නේ නැහැ. දොස්තර සාෆි කාන්තාවන් 4000ක් වඳ කළා කියලා මොනතරම් ප්‍රචාරය කළාද? දැන් ඒකට වෙලාතියෙන්නේ මොනවාද? පාස්කු කොමිසමේ වාර්තාවෙත් ඒ ගැන නැහැ. අන්තවාදී අදහස් පතුරපු පුද්ගලයන්ට මොකුත් වෙන්නේ නැහැ. කෙනෙක්ගේ අදහස් අන්තවාදීද නැද්ද කියලා තීන්දු කරන එක දැන්මේ දුර්වල කර තිබෙන අධිකරණයට හරි බාරදෙන්න. ලංකාවට විරුද්ධව ගෙනඑන යෝජනාවලියේ තියෙන්නේ මේ වගේ කරුණු.
මාර්තු 23වැනිදා ඉදිරිපත් වන ඡන්දයෙන් ලංකාව ආරක්ෂා කර ගන්නේ කොහොමද? 2012දී ලංකාවට පක්ෂව රටවල් 15ක් ඡන්දය දුන්නා. විරුද්ධව රටවල් 24යි. 2014දී ලංකාවට පක්ෂ වුණේ 12යි. අවුරුදු දෙකක් යනකොට 15 සිට 12 දක්වා අඩු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අධිරාජ්‍යවාදී රටවල් ඉන්නවා. ඔවුන්ගේ විවිධ අරමුණු මේ සංවිධාන තුළ ඉටුකර ගන්න උත්සාහ කරන බව වාමාංශික දේශපාලන පක්ෂයක් හැටියට අපි හොඳටම දන්නවා. මේ සංවිධාන තුළ ස්වාධීන, ස්වෛරී රටවල් විශාල ප්‍රමාණයකුත් තිබෙනවා. අධිරාජ්‍යවාදී රටවල් සිටි පමණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම ආයතනයක්ම ඔවුන්ගේ ශාඛා බවට පත්කර ගන්න හැකිවී නැහැ. ලංකාව ජිනීවාවලින් පරිස්සම් කරගන්න නම් මේ බව තේරුම් ගන්න ඕනෑ. ලංකාව ලෝකය තුළ හුදකලා නොකර ලෝකය තුළ දිනවිය යුතුයි. රාජ්‍ය නායකයාගේ වගකීම ඒක. මානව හිමිකම් කොමිසම කියන්නේ එහෙම දිනන්න පුළුවන් තැනක්. ඒ සම්බන්ධයෙන් උදාහරණ කියන්නම්.
කියුබාව කියන්නේ සමාජවාදී රටක්. ඩබල් පාස්පෝට් තියෙන රාජ්‍ය නායකයෝ ඉන්න රටක් නොවෙයි. ඔවුන් ඇමෙරිකානු අධිරා්‍යවාදයේ හැමදේටම විරුද්ධව කෙලින් වැඩකරන රටක්. අවුරුදු 31ක් කියුබාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පවා ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් කියුබාවට මහා බි්‍රතාන්‍යයේ, ප්‍රංශයේ, ජර්මනිය ඇතුළු මුළු යුරෝපයේම ඡන්ද තමන්ගේ රටට පක්ෂව ගන්න හැකිවෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193න් 191ක් අවුරුදු 30ක් තිස්සේ සමාජවාදී කියුබාවට ඡන්දය දෙනවා. ගෝඨාභය මහත්තයාගේ හෙන්චයියෝ කියන විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකාවේ අණ්ඩක් නම් මෙහෙම කරන්න පුළුවන්ද. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් සම්පූර්ණයෙන් ඇමෙරිකන් අණ්ඩක් නොවෙයි. සවුදි අරාබියේ මාධ්‍යවේදීන් ඝාතනය කරන කොට මානව හිමිකම් කොමිසම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවන බව අපි දන්නවා. ඒවගේම මේ මානව හිමිකම් කොමිසම ඊශ්‍රායලයෙන් සිදුකරන යුද අපරාධ ගැන බලන්න ගියා. ඒ පලස්තීනය වෙනුවෙන්. පලස්තීනය ඒ දේ කළේ හරිවිදිහට වැඩකරලා. ඇමෙරිකාවේ විරුද්ධත්වය ගණන් නොගෙන අන්තර් ජාතික අධිකරණය පලස්තීනයට ගියා. පලස්තීනයට පක්ෂය අවුරුදු ගණනක් තිස්සේ බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා.
ජාතිවාදය, ආගම්වාදය නඩත්තු කරමින් ඒකාධිපති පාලනයක් ගෙනයන්න උත්සාහ කරනවා !
ඒ නිසා මේ මාතෘ භූමියට ජාත්‍යන්තර ශක්තිය අවශ්‍යයි. ජාත්‍යන්තර සම්බන්ධතා අවශ්‍යයි. නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පාලනය බල උවමනාව වෙනුවෙන් ජාතිවාදය, ආගම්වාදය නඩත්තු කරමින් ඒකාධිපති පාලනයක් ගෙනයන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් මානව හිමිකම් කඩලා, අධිකරණය විනාශ කර, මාධ්‍යයටත් බලපෑම් කරමින් එක්සත් ජාතීන් ලංකාවට විරුද්ධ බව කියනවා. ඒක බොරු. බැසිල් රාජපක්ෂ මහත්තයා, ලංකාවට විරුද්ධව හැමදාමත් වැඩකරන ඇමෙරිකාවේ අදටත් පුරවැසියෙක්. පොහොට්ටු පක්ෂයේ නායකයෝ ඒ රටට සම්බන්ධ අය. ජිනීවා නුවරදී අධිරාජ්‍යවාදීන්ගේ ඡන්ද නැතිව අපිට උඩින්ම දිනන්න පුළුවන්. අපි මානව හිමිකම් රැක්කොත් ස්වාධීන ස්වෛරී රටවල ඡන්ද ගන්න පුළුවන්. අදත් ලංකාවට පක්ෂව ඡන්දය දෙන සමහර රටවල් අනුග්‍රහය දෙන්නේ ඇමෙරිකාව යෝජනාව ගේන නිසයි. ඒ දුෂ්ටකම්වලට විරුද්ධවයි, ලංකාව වෙනුවෙන් ඡන්දය දෙන්නේ. ලංකාවේ මානව හිමිකම් රැකලා මේ යෝජනාව පරාජය කරන්න පුළුවන්. ජිනීවා දිනන්න පුළුවන්කම තිබෙද්දී මේ ආණ්ඩුවේ ඒකාධිපති මර්දනකාරී යාන්ත්‍රණය විසින් අපිව අධිරාජ්‍යවාදීන්ගේ තුරුල්ලට තල්ලුකරලා තිබෙනවා. ලංකාවේ මුස්ලිම් ජනතාවට කරන බලපෑම් නිසා ඇමෙරිකාවට විරුද්ධ මුස්ලිම් රටවල් පවා ලංකාවට විරුද්ධව ඡන්දය දෙන්න ඉඩ තිබෙනවා. අපිට පක්ෂව හිටපු රටවල් පවා විරුද්ධ වෙලා.
බුරුම හමුදා පාලනයට අවුරුදු 60ක්. මොනතරම් සශ්‍රීක වුණත් සම්පත්, තිබුණත්, මොනතරම් අතිවිශිෂ්ට රාජ්‍යයක් වුනත් හමුදා පාලනයකට රටක් දියුණු කරන්න බැහැ කියලා එය හොඳම උදාහරණයක්. වර්ග කිලෝ මීටර් ලක්ෂ 5ක අතිවිශාල මේ රාජ්‍යයේ 1962 ඉඳලා හමුදා පාලනයක් තිබුණා. ආසියාවේ දුප්පත්ම රටක් වෙලා. දූෂිත හමුදා ජුන්ටාව ගැන නොදන්නා ලංකාවේත් සමහර දේශපාලනඥයෝ, ආගමික නායකයෝ දෙන ලණු කන මිනිස්සුත් ඉන්නවා. අනික බහුතරයක් ථේරවාද බුද්ධාගම අදහන රටක්. එහෙම තිබුණ රටක් අද ලෝකයේ කැරකොප්පුවක් බවට පත්කරලා. අපි ඒ හමුදා පාලනය හෙළා දකිනවා. එසේ තිබියදී බුරුම හමුදා ජුන්ටාවේ විදේශ ඇමතිවරයාට ලංකාවේ පවත්වන සමුළුවකට ආරාධනා කරනවා. බුරුමයේ ලංකා තානාපති මහාචාර්ය නලින්ද සිල්වා කියනවා ඔහුව එම තනතුරට පත්කර ජනාධිපතිවරයා වරදක් කළ බව. ඔහු පිං පඩියක් ගන්නා බව කියනවා. මෙවැනි පුද්ගලයන් පත්කිරීම තමයි ජනාධිපතිවරයා හැමතැනම කර තිබෙන්නේ.
ලංකාවේ ධීවරයන් පිරිසක් බුරුමයෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. බුරුම අධිකරණය ඒ ගැන නඩුවක් යනවා. බුරුමයේ ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා නිල ෆේස් බුක් අඩවියේ “ධීවරයන් මියෙන්මාර් දේශසීමාවට ඇතුළ්වී ඇත්තේ අනවසරයෙනි. ධීවරයන් වරදක් කළ බව ඔවුන් පිළගෙන තිබෙනවා.” කියලා සටහනක් යොදනවා. මේ නිසා අත්වැරැද්දකින් බුරුම සීමාවට මුහුදේ ගහගෙන ගිය ධීවරයන් මුදවා ගැනීමට ඉඩ නොදෙන්න ඒ රටේ අධිකරණය මේ තානාපතිවරයාගේ සටහන උපුටා ගන්නවා. වැඩබැරි නුසුදුස්සන් පත්කරළා, ඕනෑ නැති දේවල් ලියලා ඒ ධීවරයන් අන්ත අසරණභාවයට පත්කරළා. ජනාධිපතිවරයා වියත්මගේ අය පත්කරනවා කියලා ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රිකවත් අවුල් රැසක් සිදුකර තිබෙනවා. රටේ ජනතාව විශාල පීඩාවකට පත්කර තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්...!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ පැහැදිලි සටහන තිබෙන්නේ ලංකාව තුළ සාධාරණ අධිකරණ පද්ධතියක් නැති නිසා යුද්ධය තුළත් ඊට පසුව දැනුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සාක්ෂි එකතු කිරීම සහ විශ්ලේෂණය කරණ බවයි. ඉදිරියේදී මේ සාක්ෂි මත පදනම් වෙලා ගතයුතු ක්‍රියාමාර්ග සොයා බැලිය යුතුයි කියලා සඳහන් කරනවා. ලංකාව තුළ සාධාරණය ඉටු නොකළ හොත් ලංකාවට විරුද්ධව ජාත්‍යන්තරය තුළ වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ යෝජනාවට පක්ෂ රටවල්වලට ඔවුන්ගේ රටවල්වල නීතිය අනුව අදාළ චුදිතයන්ට විරුද්ධව නඩු කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකා රජයට විරුද්ධව සම්බාධක පැනවීමක් ගැන යෝජනා කර නැහැ. යම් යම් පුද්ගලයන්ට අදාළව සංචාරක තහනම් කිරීම්, දේපොළ තහනම් කිරීම් වගේ දේවල් දැනට තිබෙනවා.
පාස්කු කොමිසමට සැලකිය යුතු කාලයක් ගත කර තිබෙනවා. ඒ කාලය තුළ අපෙන් විමසීමක් කර තිබුණේ නැහැ. නමුත් අපි සරත් වීරසේකර මහත්තයාට කියන්න කරුණු තිබෙනවා. ඊබ්‍රාහීම් හාජ්ජියාර් ගැන තොරතුරු එකතු කරනවා නම්, ඉස්සෙල්ලාම සහරාන් ඇතුළු 21කට පඩි දුන්නේ කොහොමද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කටඋත්තර අරගෙන ඉන්න. ඔහුගේ ආණ්ඩුවෙන් සහරාන්ට පඩි දුන්නා කියලා ප්‍රසිද්ධියේ පිළිගත්තා. ඒ වගේම මේ ව්‍යාපාරිකයාට මහින්ද රාජපක්ෂ මහත්තයා සම්මාන ලබාදුන්නා. ඒ 2015 දී ජවිපෙ ජාතික ලැයිස්තුවට එන්න කලින්. ඒ සම්මාන දුන්න එක ගැනත් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් කටඋත්තර ගන්න. තවත් ඇමතිවරුත් ආණ්ඩුවේ ඉන්න සහ හිටපු බොහෝ දෙනෙක් මේ ව්‍යාපාරිකයාට විවිධ සම්මාන දුන්නා. ගරු නාම දුන්නා. ලංකාවටම අදාළ සමාදාන විනිශ්චයකාර තනතුරකුත් දුන්නා. මේ සියල්ලම ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් කරන්න සිදුවුණු දේවල්. ජාතික ලැයිස්තුවට ඇතුළ් කිරීමේදී සමහර විට සලකා බැලූ කාරණා මේවා. විවිධාකාර ඇගයීම්වලට ලක්වෙච්ච පුද්ගලයෙක් මේ. ඔහු තමයි 2015 දී අපි ජාතික ලැයිස්තුවට ඇතුළ් කළේ.

