සිංහරාජය වන විනාශය ගැන පැවසීමට සහ භාග්‍යා තරුණිය වෙනුවෙන් පෙනීසිටීමට සමගි ජන බලවේගය පක්ෂයේ කාන්තා අංශය වන සමගි වනිතා බලවේගය අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් සම්බන්ධව දේශපාලන කරළියේ අවධානය හිමිව ඇත.
මාධ්‍යවේදීන් හන්තාන වන රක්ෂිතයේ ඉඩම් පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ දියණිය චාමි කිරිඇල්ල විසින් තමන්ට හන්තාන රක්ෂිතයේ අක්කර 8 ක ඉඩමක් ඇති බව පිළිගනු ලැබිණ.
කෙසේ වුවත් ඇය සඳහන් කර සිටියේ මීට වසර 30 කට පෙර තම පියා නීතිඥයෙකු ලෙස සේවය කරන අතරේ මිලදීගත්තක් බවත් එය පසුව තමන්ට තෑගී ඔප්පුවකින් පවරා ඇති බවත් ඇය පැවසීය.
එසේම එම ඉඩම මිලදීගත් අවස්ථාවේ එය රක්ෂිත ඉඩමක් නොවන බවත් එම පණත නිකුත් වූයේ 2010 දී බවත් ඇය පැවසීය. එම ඉඩමේ තමන් මානං ගස් කැපුවා හැර වෙනත් ගසක් නොකැපු බවත් ඇය පැවසීය.
මානං ටිකක් එහා මෙහා කිරීම එළිපෙහෙළි නොකළ බවත් චාමි කිරිඇල්ල සඳහන් කළාය. විපක්ෂ නායක කාර්යාලයේ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර දිගින් දිගටම මාධ්‍යවේදීන් චාමි කිරිඇල්ල වෙතින් ප්‍රශ්න කිරීම අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යවේදීන් වෙත ඉදිරිපත් වූවාය.
එහිදී තම ආණ්ඩු සමයේ බදියුදීන් කැලෑ සුද්ද කළ බැවින් ආණ්ඩුව පරාජය වූ නමුත් එදා ආණ්ඩු මාරුවේදී විමල් අමාත්‍යවරයා කියූ ලෙස බලයට පැමිණ බදියුදීන් අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්න කළාය.
එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය පවසා සිටියේ බදියුදීන් තම බවයි.තමන් බවත් එක්වූයේ ජන්දයට බව පැවසූ ඇය බදියුදීන් සමඟ සන්ධානයක් නොමැති බවත් සඳහන් කළාය.

