අන්තර්ජාල පැකේජයන්ට ප්‍රථම අන්තර්ජාල ප්‍රමිතිය ඉහළ නංවන්න

අන්තර්ජාල පැකේජයන්ට ප්‍රථම අන්තර්ජාල ප්‍රමිතිය ඉහළ නංවන්න

අප්‍රේල් මස සිට අසීමිත අන්තර්ජාල පැකේජයන් පාරිභෝගිකයින්ට අන්තර්ජාල සේවා සපයන්නන් හරහා ලබාදීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කොට ඇත.

මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ටෙලිකොම් යටිතල පහසුකම් හා ධාරිතාවයන් ඉහළ යන තෙක් බල නොසිට මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරියෙකු විසින් මාධ්‍ය ආයතනය කිහිපයකට ප්‍රකාශ කොට ඇත.

අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක මෙවැනි ව්‍යාපෘතිය ආරම්භ කිරීම මගින් සිදුවන්නේ සමස්ත ශ්‍රී ලාංකීය අන්තර්ජාල පද්ධතියෙහිම කඩාවැටීමක් බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙයි.

මෙවැනි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම මේ සදහා අවශ්‍ය වන ටෙලිකොම් යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙයි.

මින් අමතරව අන්තර්ජාල වේග සිමා සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රමිතියක් අනුගමනය කිරීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් කටයුතු බවත් අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් සතුව පවතින අන්තර්ජාල කේබල් ගොඩබෑමේ ස්ථානවල පවතින ධාරිතාවය ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ගේ ඉල්ලුමට සරිලන ලෙස සැපයීමක් ලබාදියහැකි මධ්‍යස්ථානදැයි නිසි ඇගයීමක් සිදුකළ යුතු බවත්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න