පිටවල පතන රකින්න ගිය වන ව්‍යාප්ති නිලධාරියාට ස්ථාන මාරුවක් !

පිටවල පතන රකින්න ගිය වන ව්‍යාප්ති නිලධාරියාට ස්ථාන මාරුවක් !

පිටවල පතන ලෝක උරුමය රැකිමේ වරදට වන ව්‍යාප්ති නිළධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඊට අනූව පසුගිය දිනවල දැඩි මත භේදයකට ලක් වූමාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල  , ලෝක උරුමයක් වූ පිටවල පතනේ සිදුකරන ඉදිකිරිම පිළිබඳව ඉහළ නිළධාරීන්ට විරුද්ධවූවයි වන ව්‍යාප්ති නිළධාරියා උපාලි රන්බණඩා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත. 

මාර්තු 13 වන දින පිටවල පතනේ ඉදිකිරීම් වලට විරුද්ධව උද්ඝෝෂණයක් පැවති අතර, එම පිරිස නික්ම ගිය පසු සහකාර දිසා වන නිළධාරි එතැනට පැමිණ අදාල නිළධාරියාගෙන් මෙම ඉදිකිරීම සඳහා සත්‍ය ලෙසම ගස් කීයක් කපා ඉවත් කලේ දැයි කල විමසුමට පිළිතුර ලෙස ලබා දුන් පිළිතුර , සහකාර දිසා වන නිළධාරිවරයා මාධ්‍යවේදීන් ට ලබාදුන් ගස් සංඛ්‍යාව ට වඩා වැඩිවීම මේ සථාන මාරුවට ඇතුළත් බවත් වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ   ඉහළ නිළධාරීන් වට 20 cm ක් වු එක ගසක් ඉවත් කළ බව පවසන අතර , වන ව්‍යාප්ති නිළධාරියා ගස් පඳුරු 15-20 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ බව පවසා ඇති බවයි. ඒ අනුව මෙම නිළධාරියා තමන්ගේ ඉහළ නිළධාරියාට සත්‍ය තොරතුරු ලබාදීම ම ස්තාන මාරුවට හේතුව වී ඇත. 

මම කියන ඉළක්කමට වඩා වැඩි ඉළක්කමක් කියන්නේ කෙසේදැයි විමසා මම තමුන් ගැන බලාගන්නම් යැයි තර්ජනය කර සහකාර දිසා  වන නිළධාරියා නික්ම ගොස් දින 7 ක් ඇතුලත වන ව්‍යාප්ත නිලධාරී උපාලිට මේ   ස්ථාන මාරුව ලැබී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න